පරාජයන්ම අත්විඳි රටට ජයග්‍රහණයක්… ශ්‍රී ලංකා පිල බංගලියන් පරදවා තරගාවලි ජයක් වාර්තා කළ හැටි!

ශ්‍රී ලංකා කාණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර බංගලාදේශයේ මීපූර්හි දී පැවති දෙවැනි ටෙස්ට් තරගය කඩුළු 10කින් ජයග්‍රහණය කරමින් විශිෂ්ට තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.

දෙවැනි ඉනිමේ දී බංගලාදේශ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 169කට දැවී ගියේය.   ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටියේ ලකුණු 28කිනි.  කිසිවෙක් නොදැවී ශ්‍රී ලංකා කණඩායම සිය පහසු ඉලක්කය හඹා ගොස්  ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

වැරදි තීන්දුව

මෙම තරගයම ඔවුන්ගේ වැරදි තීන්දු මත දිශානතිය වෙනස් කරගත් තරගයකි. කාසියේ  වාසිය දිනා මුලින්ම පන්දුවට පහර එල්ල කිරීමට තිරණය කළ බංගලාදේශ ඉනිමේ මුල් කඩලු 04 ලකුණු 24කට දැවී ගියේය.

එහෙත් මැද පෙළ ක්‍රීඩාකළ යුතු ආකාරයේ ආදර්ශයක් ලබා දුන් මුෂ්ෆිකර් රහ්මාන් ලකුණු 175ක් සහ ලින්ටන් දාස් ලකුණු 141ක් ලබා ගනිමින්  කණ්ඩායම බලාපොරොත්තු සහිත තැනකට රැගෙන ආවේය.  බගංලාදේශ ඉනිම ලකුණු 365ක් ලෙස ස්ථාවර විය.


කසුන් රාජිත ලකුණු 64කට කඩුලු 05ක්, අසිත ප්‍රනාන්දු ලකුණු 93ට කඩුළු 04ක් දවා ගත්තේය.

 ශතකවලින් සැරසුණු ශ්‍රී ලංකා  මුල් ඉනිම

ශ්‍රී ලංකා පළමු ඉනිමට සාර්ථක  අඩිතාලමක් ආරම්භයේ සිට වැටිනි. ඕෂධ ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න විශිෂ්ට පිතිකරණයක් සහිතව ආරම්භය ලබා දුන්හ.  පළමු කඩුල්ල දැවී යන්නේ ලකුණු 95 දීය. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 57ක් ලබා සිටිය දී දැවී ගියේය. දිමුත් කරුණාරත්න ලකුණු 80ක් ලබා ගත්තේය. ධනංජය ද සිල්වා ලකුණු  58ක් ලබා ගත්තේය.

ඉනිම විශිෂ්ටත්වයට රැගෙන යමින්    ඇන්ජලෝ මැතිව්ස්  සහ දිනේෂ් චන්දිමාල් ශතක ලබා ගත්හ. දිනේෂ් චන්දිමාල් ලකුණු 124කි.  ඊට  හයේ පහර 1ක් සහ හතරේ  පහර 11ක් ඇතුළත් විය.    චන්දිමාල් විසින් සිය  ටෙස්ට් දිවියේ   12 වැනි  ටෙස්ට් ශතකය රැස් කළේය.  ඇන්ජලෝ මැතිව්ස්    සිය 13  වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය. ඔහු      හයේ  පහර 2ක් සහ හතරේ පහර 12ක්  සමගින් නොදැවී  ලකුණු 145ක් ලබා ගත්තේය.

බංගලාදේශය අසරණ කළ ශ්‍රී ලංකා පන්දු යැවීම

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු  141ක් පිටුපසින් සිටිමින් ඊයේ සවස සිය  දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ  පිතිකරුවන් හට දැඩි තර්ජනයක් එල්ල  කළ කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු  එක්ව පිළිවෙලින් මහමුදුල් හසන් (15),  තමිම් ඉක්බාල් (00) සහ මොමිනුල් හක්  (00) නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීය.

අද බංගලාදේශ කණ්ඩායම පන්දුවට පහර දීමට පිටියට පැමිණියේ දැඩි අභියෝගයක් සමගිනි. පරාජයේ අඳුරු සෙවනැලි ඔවුන් මත පතිත වී තිබිණි.

පළමු ඉනිමේ මෙන් ස්ථාවර ඉනිමක් ගොඩ නැගීමට මැදපෙළ පිතිකරුවන් වන ලිටන් දාස් සහ මුෂ්ෆිකර් රහීම් උත්සහ කළත් තරගයේ 5 වැනි දිනයේ ආරම්භයේදීම කසුන් රාජිත යැවූ පන්දුවක් කෙලින් ම කඩුල්ලේ වැදී මුෂ්ෆිකර් රහීම් ලකුණු 23කට දැවී ගියේය.

ඉන් අනතුරුව පිටියට පිවිසි ශකීබ් අල් හසන් සහ ලිටන් දාස් අතරේ 6 වැනි කඩුල්ලට ලකුණු 103 ක සම්බන්ඳතාවක් ගොඩ නැගිනි. එහෙත්  ලිටන් දාස් ලකුණු 52 ට දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිඳවැටිනි.

ඉන් පසු ශකීබ් අල් හසන් ලකුණු 58ක් ලබා සිටිය දී අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියේය.

පන්දු 72ක දී වාර්තා වූ ශකීබ් ගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් වී තිබිණි. ශකීබ් ගේ කඩුල්ල බිඳ වැටීමත් සමග ඉතිරි බංග්ලාදේශ පිතිකරුවන්ට ස්ථාවර වීමට ඉඩ නොතැබූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ඉතිරි පිතිකරුවන් තිදෙනා ලකුණු 6 ක් තුළ දවා ගත්තේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බංග්ලාදේශ ඉනිම ලකුනු 169 කට සීමා  විය.  සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගත් අසිත ප්‍රනාන්දු ලකුණු 51 ට බංග්ලාදේශ කන්ඩායමේ කඩුලු 6 ක්ම දවා ගත්තේය. තරගයේ ඉනිම දෙකේ  දී ඔහු කඩුළු 10ක් වාර්තා කර තිබිණි.

Exit mobile version