දෝනිලාට ලකුණු 215ක දැවැන්ත ඉලක්කයක්!

සායි සුදර්ශන්.... ඔහු පන්දු 47ක දී ලකුණු 96ක් ලැබුවේය

IPL අවසන් මහා තරගය එවැනි මහා තරගාවලියක අවසන් මහා තරගයට සුදුසු උණුසුමින්ම චෙන්නායි සුපර් කිංස් සහ ගුජරාට් ටයිටන්ස් අතර පැවැත්වෙමින් තිබේ. 

කාසියේ වාසිය දිනු චෙන්නායි සුපර් කිංස් නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දුවට පහරදීමට හර්දික් පාණ්ඩ්‍යාගේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කළ ඇරයුම ජයග්‍රහණය සඳහා දෝනිගේ සිහිනය බොහෝ ඈතකට ගෙන ගොස් ඇති අයුරු පෙනෙමින් ඇත. දෝනිට ජයග්‍රහණය සඳහා ලකුණු 215ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබේ.

ව්‍රිද්ධිමන් සහා සමග ඉනිම ආරම්භ කළ ශුබ්මන් ග්‍රිල් ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන් විශිෂ්ට ආරම්භයක් ලබා දුන්නේ චෙන්නායි කණ්ඩායමේ දුර්වල පන්දු රැකීමත් සමගය. ශුබ්මන් ග්‍රිල් දවා ගැනීමේ පහසු අවස්ථා තුනක් මග හැරී ගියේය. ඔහු පන්දු 20ක දී ලකුණු 39ක් රැස් කළේය.

ආරම්භක පිතිකරු සහ කඩුලු රකින ක්‍රීඩක විද්ධිමන් සහා ලකුණු 54ක් රැස් කළේය. පන්දු 39ක දී හතරේ පහර 5ක් සහ එක් හයේ එක් හයේ පහරක් ඊට ඇතුළත් විය.


මනරම් පිතිකරණයක යෙදුනේ සායි සුදර්ශන්ය. ඔහු පන්දු 47ක දී ලකුණු 96ක් ලැබුවේ හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් සමගිනි.

පන්දු ඕවර 20 අවසානයේ දි ලකුණු 214කට ගුරාට් පිල ලකුණු 214කි.

පන්දු යැවීමේ දී  ශ්‍රී ලංකා පන්දු දඟ පන්දු යවන්නා මහීෂ් තීක්ෂණ ප්‍රහාරයට ලක්වූයේය. ඔහු පන්දු ඕවර 4 තුළ ලකුණු 36ක් ලබා දුන්නේය. කඩුළු ලැබුවේ නැත. මතීෂ පතිරණ අවසන් පන්දු ඕවරයේ දී කඩුළු 02ක් දවා ගනු ලැබුව ද ඕවර 4ට ලකුණු 44ක් ලබා ගැනීමට ගුරාට් කණ්ඩායම සමත් විය.

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 38කට කඩුල්ලක් සහ දීපාක් චහාර් ලකුණු 38කට කඩුල්ලක් ලැබුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම ලකුණු හඹා යෑමේ සූදානමෙනි.

Exit mobile version