දකුණු අප්‍රිකානු පිල තරගය තමන් දෙසට නතු කරගනී…..

ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය වූ ඊයේ (27) තරගය නිමා වනවිට ශ්‍රී ලංකා කණඩායම සියලු දෙනාම දැවී ලබා ගත් ලකුණු 396ට ප්‍රභල පිළිතුරක් ලබා දෙමින් කඩුළු හතරක් දැවී ලකුණු 317ක් ලබා සිටියේය.

ඊයේ තරය ආරම්භ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ කඩුළු හයක් දැවී ලකුණු 340ක් ලෙසිනි. කසුන් රාජිත සමග දසුන් ශානක නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය. දෙවන දිනයේ දී කසුන් රාජිත ලකුණු 12කටත්, විශ්ව ප්‍රනාන්දු සහ ලහිරු කුමාර ලකුණු නොලබාමත් දැවී යද්දී එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් දසුන් ශානක නොදැවී ලකුණු 66ක් ලබා ගෙන හුදකලා සටනක ආදර්ශය පෙන්නුම කළේය.

ශ්‍රී ලංකා ඉනිම සියලු දෙනාම දැවී ලකුණු 396කට සීමා විය.


අනතුරුව පිටියට පැමිණි දකුණු අප්‍රිකානු පිතිකරුවෝ මුළුමනින්ම තරගය  සිය ග්‍රහණයට නතු කරගත්හ.

දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ කළේ ඩෑන් ඊ්ගල් හා ඒඩින් මාක්‍රම් විසිනි. පළමු කඩුල්ල සඳහා ඔවුහු විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩ නගමින් ලකුණු 141ක් දක්වා ලකුණු පුවරුව නැංවූහ. එය වර්ෂ 2017න් පසු දකුණු අප්‍රිකානු කණ්ඩායමක පළමු කඩුල්ල සඳහා ගොඩනැගුණු හොඳම සම්බන්ධතාවය විය.

ඩෑන් ඊ්ගල් හා ඒඩින් මාක්‍රම් බලාපොරොත්තු ඉපදවූ පළමු කඩුලලේ සබඳතාව අතර.

එම සබඳතාව බිඳ දමමින් ඒඩන් මාක්‍රම් විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් එදිරියේ දැවී ගියේ දසුන් ශානකගේ දක්ෂ උඩපන්දු රැකීමක් හමුවේය. අනතුරුව පිටියට පැමිණි    රසෙයි වැන් දුස්සේන් ලකුණු 15 ක් ලබා සිටිද්දී දෙවන කඩුල්ල ලෙස ලහිරු කුමාරට ගොදුරු විය. ඒ වනවිට   මුළු ලකුණු සංඛ්‍යාව 200ක් විය.

තුන්වන කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ඩෑන් ඊගල් දැවී යන්නේ ඊට පන්දු 4කට පසුවය. ශතකය පෙනෙන මානයේ,  හතරේ පහර 16ක් සමගින්  ලකුණු 95ක් ලබාගෙන සිටි ඔහු   දසුන් ශානකගේ පන්දුවක් හමුවේ ඔහුටම උඩපන්දුවක් දී දැවී යන්නේ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 දීමය. පන්දු පහක් තුළ එකම ලකුණක්වත් නොදී කඩුළු දෙකක් දැවී ගියේය.

ඉන් අනතුරුව පිටියට එක් වූයේ ෆෆ් ඩු ප්ලෙසි සහ ක්වින්ටන් ඩි කොක්ය.  ඩි කොක් සිව් වන කඩුල්ල ලෙස ලකුණු 18කට දැවී යන්නේ වනිඳු හසරංග ගේ මංගල ටෙස්ට් කඩුල්ල ලෙසිනි. ඒ වනවිට දකුණු අප්‍රිකානු ඉනම  ලකුණු 240ට කඩුලු 4ක් විය.

අනතුරුව ඩු ප්ලෙසිට එක් වන ටම්බා බවුමා දකුණු අප්‍රිකානු ඉනිම බලාපොරොත්තු සහගත තැනකට රැගෙන ආවේය. දෙවන දිනයේ තරගය අවසන් වනවට ඩු ප්ලෙසි හතරේ පහර 9ක් සමග ලකුණු 55ක් ද බවුමා හතරේ පහර 4ක් සමග ලකුනු 41 ද ලබා සිටියේය.

දකුනු අප්‍රිකාව ලකුණු 317 ට කඩුලු 4කි.  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක පෙන්වූ විශිෂ්ටත්වය ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගේ ද ඇගයීමට ලක් විය. ඔහු තරගය ඔහුගේ තරගයක් බවට පත් කරගෙන තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු අතර සිටි පිතිකරු ධනංජය ද සිල්වාට මෙම තරගාවලිය අහිමි වී ඇත. පිටියේ දී ඇති වූ ඔහුගේ ආබාධ තත්වය හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත මෙම තරගාවලියෙන් ඉවත් වීමට ඔහුට සිදු වී ඇත.

Exit mobile version