ජාත්‍යාන්තර ක්‍රිකට් විචාරකයෙකුගේ බුකි ප්‍රේමී හැසිරීම ගැන සැකයක්…

ක්‍රිකට් තරගයක් පවත්වාගෙන යන අතර ජාත්‍යාන්තර විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කරන රොෂාන් අබේසිංහ තම මුහුණු පොත හරහා  තරගය පවත්වන ක්‍රීඩාංගනය අවට කාලගුණ තොරතුරු බුකි කරුවන්ට ප්‍රයෝජනවත් වන ආකාරයට ස්වකීය මුහුණුපොතේ පලකිරීම සම්බන්ධව අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකය වෙත පැමිණිලි කිරීමට සූදානම්බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග හෙළි කරයි.

තරගය වර්ෂාව නිසා නවත්වා තිබූ අවස්ථාවේ සෝනි විකාශයද අත් හිටුවා තිබියදී ඔහු සිය මුහුණු පොතේ තරගයේ තොරතුරු යාවත්කාලීන කිරීම බරපතල ප්‍රශ්නයක් බව එම ආරංචි මාර්ග පවසයි.

මෙම පුද්ගලයා තම මුහුණු පොතේ මෙම කාලගුණ දත්ත තොරතුරු කලක් නතර කර තිබුණත් ඔහු නැවතත් එය ආරම්භ කර ඇති අයුරු ක්‍රිකට් දූෂණ විමර්ශකයන් අවධානයට ලක් කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මොහුගේ මේ ක්‍රියා කලාපයන් ගැන අවධානයෙන් සිටින බව ද ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පවසා ඇත.

 

Exit mobile version