ජයග්‍රහණයේ පිපාසය සන්සිඳෙයි… කොදෙව්වන් පැරදූ ලංකාවට ලකුණු 43ක විශිෂ්ට ජයක්

තරගයේ වීරයා වනිඳු... තමන් කවරෙක් දැයි පැතුම් නිශ්ශංක රටට පෙන්වා දෙයි...

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 43ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවි ලකුණු 160ක් රැස් කළහ.

ශ්‍රී ලංකා පිළ තරගයට එක් වූයේ පිතිකරණ ලයිස්තුවේ වෙනසක් ද සමගය. තරගය ආරම්භ කළේ ධනුෂ්ක ගුණතිලක හා පැතුම් නිශ්ශංකය. පැතුම් නිශ්ශංක අවස්ථා ගණනක දී ජාතික කණ්ඩායමට තමන්ගේ සුදුසුකම පිත්තෙන් පෙන්නමින් සිටි ක්‍රීඩකයෙකි. අතිශයින් නිහඬ පිත්තෙන් පමණක් කතා කළ පැතුම් මෙතෙක් තමන් සම්බන්ධව තේරුම් කමිටුවේ නොඇරීම සම්බන්ධව කදිම පිළිතුරක් දුන්නේ තමන්ට ලද මුල්ම අවස්ථාවේ දී ම තවන් කවරෙක්දැයි රටට පෙන්වා දෙමිනි.

ආරම්භක පිතිකරු යුගල සාර්ථක වූහ. පන්දුවාර 10ක් තුළ ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 95ක විශිෂ්ඨ සබඳතාවක් ගොඩ නැගූහ. පැතුම් නිශ්ශංඛ පන්දු 23කදී ලකුණු 37 රැස් කළ අතර ධනුෂ්ක ගුණතිලක පන්දු 42කදී ලකුණු 56ක් රැස් කළේය.


අශේන් බණ්ඩාර ලකුණු 21ක් හා වනිදු හසරංග පන්දු 11කදී නොදවි ලකුණු 19ක් රැස් කළේය. දිනේෂ් චන්දිමාල් ලකුණු 3කටත්, ඇන්ජලෝ මැතිවුස් ලකුණු 13කටත් දැවි ගිය අතර තිසර පෙරේරා අද රැස් කළේ ලකුණු 02ක් පමණි.
ලකුණු 161ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ මුල සිට දැඩි පීඩනයක් එල්ල කළහ. ඒ අනුව කොදෙව් කණ්ඩායමේ පළමු කඩුලු 06 ලකුණු 66ක් තුළ බිද හෙලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි විය.

දක්ෂ පන්දු යැවීමක නිතරවූ වනිදු හසරංග නියමිත පන්දුවාර 04දී ලකුණු 17කට කඩුලු 03ක් දවා ගත්තේය. අකිල ධනංජය නියමිත පන්දුවාර 04දී ලකුණු 13කට එක් කඩුල්ලක්ද දුෂ්මන්ත චමීර ලකුණු 26කට කඩුලු 02ක්ද බිඳ හෙළූහ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු ඕවර 18.4ක් තුල සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවුයේ ලකුණු 117ක් පමණයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරගයේ වීරයා ලෙස වනිදු හසරංග නම් කරනු ලැබුවේය.

Exit mobile version