කෝටිපති පැසිපන්දු ක්‍රීඩකයාගේ මරණයට හේතුව එළිවෙයි

ලොව වඩාත් අවධානයකට ලක්වූ ඇමරිකාවේ සුපිරි පැසිපන්දු ක්‍රීඩකයකු වූ කෝබේ බ්‍රයන්ට්ගේ මරණය සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත්වීමත් සමග එහි මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමට මාස පහක් ගත වුණි. කෝටිපති ක්‍රීඩකයකු වන කෝබේ සිය පෞද්ගලික ගුවන් යානයේ දී මෙසේ අනතුරට ලක්ව මිය යන විට ඔහුගේ 13 හැවිරිදි දියණිය ද ඔහු සමග විය.
මරණයට හේතුව සෙවීමේ දී දැඩි මීදුම මධ්‍යයේ ගුවන් නියමුවා කැලිෆෝනියාව දක්වා ගුවන් යානය පියාසර කර ඇති බව හෙළි වී තිබේ. එහිදී ගුවන් නියමුවා බීමතින් සිටි බවට ද කටකතා පැතිරුණ අතර මරණ පරීක්‍ෂණ වාර්තාවේ ඔහු බීමතින් නොසිට ඇති බව සනාථ කර ඇත. ජනවාරි 26 වැනිදා මෙම ගුවන් යානය අනතුරට පත් වීමෙන්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොබේ ඇතුළු නව දෙනකු ජීවිතක්ෂයට පත්විය.
‘නව දෙනාගේම මරණයට හේතුව අධික කම්පනය සමග සිදුවූ අනතුරයි. ඒක හදිසි අනතුරක්.” යැයි මරණ වාර්තාවේ සඳහන් වේ. ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ වෛද්‍ය පරීක්‍ෂකවරුන් සහ හදිසි මරණ පරීක්ෂක කාර්යාලය විසින් මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත්කර ඇත.

Exit mobile version