ක්‍රීඩා අමාත්‍යවරයාගේ පූර්ණ බලය සහිතව රොෂාන් මහනාමගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් උපදේශන කමිටුවක්….

තමන්ගේ    පූර්ණ බලය සහිත ක්‍රිකට් උපදේශන කමිටුවක්  හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක රොෂාන් මහානාමගේ සභාපතිත්වයෙන් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් තීරණය කර තිබේ.

මුලින්ම මෙම යෝජනාව  රොෂාන් මහානාමට   ඉදිරිපත් කළත් ඊට එක්වීම ඔහු ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ   ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ක්‍රිකට් උපදේශන කමිටුවක් කාලයක් පුරා ක්‍රියාත්මක වුවත් ඉන්     ක්‍රීඩාවට කිසිවක්  සිදු නොවූ ආකරය පෙන්වා දෙමිනි. .

එහෙත් මෙවර එම ක්‍රිකට් උපදේශන කමිටුව පිහිටුවා තිබෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ පූර්ණ බලය සහිතවය.   මේ අනුව පත් කිරීමට නියමිත මෙම නව ක්‍රිකට් උපදේශන කමිටුව පිලිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කිරීමෙන් පසු  සභාපති ලෙස වැඩ භාර ගැනීමට රොෂාන් මහානාම එකඟ  වී තිබේ.


එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන හා එහි සාමාජික කුමාර් සංගක්කාරත් කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන්ට අමතරව මුත්තයියා මුරලිදරන්, අරවින්ද ද සිල්වා හා රංජිත් ෆනෑන්ඩු එම කමිටුවේ සාමාජිකයින් වනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

Exit mobile version