ක්‍රිඩා ඇමති නාමල් පත්කළ ක්‍රිඩා කවුන්සිලේ නෛතිකභාවය පිළිබඳ අවුලක්

ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පසුගියදා පත් කරන ලද ජාතික ක්‍රීඩා කවුන්සිලය පත් වූ ආකාරය පිළිබඳව සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයාට අදාළ විෂය පථය සම්බන්ධයෙන් යම් ව්‍යාකූලතාවක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

මෙම ව්‍යාකූලත්වයට හේතු වී ඇත්තේ පසුගිය අගොස්තු 09 වැනිදා නිකුත් කරන ලද අංක 21878/27දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව එම කවුන්සිලය ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශයට නොව එය අයත් වන්නේ ගාමීය සහ පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාතයංශයට වීමය.

එසේම සුගතදාස ක්‍රිඩා සංකීර්ණය, ක්‍රීඩා වෛද්‍ය ආයතනය, ශ්‍රි ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනය සහ ජාතික ක්‍රිඩා විදයායතනයද එම රාජ්‍ය අමාතයංශයේ ආයතනික සහ නෛතික රාමුවට යටත් කර තිබේ. ඒ අනුව පසුගියදා නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් කරන ලද ජාතික ක්‍රිඩා කවුන්සිලයේ නෛතික භාවය පිළිබඳව මතභේදාත්මක තත්ත්වයක් නිර්මානය වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාතයංශය වෙත නව ගැසට් නිවේදනයට අනුව අදාල වන ආයතනික හා නෛතික රාමුව වන්නේ ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රිකට් පාලක මණ්ඩලය, ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය, සීමාසහිත ජාතික තරුණ සේවා සමූපකාරය, නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානය, මිනිස් බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, ස්මාර්ට් ශ්‍රි ලංකා යන ආයතනයන්ය.

Exit mobile version