ක්‍රිකට් ඇති… උඹලා මළ ගෙවල්වල බූරු ගහපල්ලා…

මේ මොන කුණුහරපයක් දැයි දැන් අපි කල්පනා කරමු.  මුං පිච් එක මැදට පැමිනියේ ගංජා ගසා දැයි විමසනවා හැරෙන්න වෙන කරන්නට දෙයක් නැත.

ටොස්ට් එක දිනුවොත් බැට් කරන්න හිටි බව කීවේ රෝහිත් ෂර්මාය.  අපේ එකා ටොස්ට් එක දිනා උන්ට බැට් කරන්න දුන්නේය.  ඉන්දියාව ලකුණු 357කි. ඩිල්ෂාන් මධුශංක කඩුළු 05ක් ලබා ගැනීම හැර ඒ ඉනිමේ වෙන කිසිම වැදගත් දෙයක් ශ්‍රී ලංකාව පාර්ශවයෙන් සිද්ධ වූයේ නැත. ඉන්දියාව හතර හන්දි කැඩෙන්නට නෙලුවේය. එච්චරය.

ශුබම්න් ගිල් සහ කෝලි පළමු කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුනු 189ක සම්බන්ධතාවය අතර…

ඉන්දියාව හමුවේ අවසන් වරට ලකුණු 50කට ඕල් අවුට් වී ලෝක වාර්තාවක් තැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ඒ ලෝක වාර්තාව ලෝක කුසලාන තරගාවලියේ අලුත් කර ඇත.  පන්දු ඕවර 18ක් තුළ ලකුණු 55කට සියල්ලෝ දැවී ගොස්ය.  ලකුනු 302කින්  මැච් එක පරාදය.

කණ්ඩායමේ බිංදු 05කි. ඉන් තුන් දෙනෙක් දැවී යන්නේ පළමු පන්දුවේදී ය.  පැතුම් නිශ්ශංක පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේය.  දිමුත් කරුණාරත්නත් පළමු පන්දුවේ දීම ලකුණු නොලබා දැවී ගියේය. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 01කි. සධීර සමරවික්‍රම ලකුණු  ලබා ගත්තේ නැත. චරිත් අසලංක ලකුණු 01කි. දුෂාන් හේමන්ත පළමු පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගියේය. දුෂ්මන්ත චමීරත් ලකුණු ලබා ගත්තේ නැත. ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 12කි.


පළමු ක්‍රීඩකයින් 05 දෙනාම කණ්ඩායමට එක් කර තිබුණේ ලකුණු 02ක් පමණි.  පළමු ක්‍රීඩකයින් 06 දෙනාගෙන්ම එල්ල වී තිබුණේ එක් හතරේ පහරක් පමණි. ඒ ලකුණු 12ක් ගත් ඈන්ජලෝ මැතිව්ස්ගෙනි.   මුළු ඉනිමටම එල්ල වි තිබුණේ  හතරේ පහර 05කි.  කණ්ඩායමේ වැඩිම ලකුණු ලකුණු 14ය. ඒ කසුන් රාජිතගෙනි. ලකුණු 55ට සියල්ලෝ දැවී යන්නේය. ඉන් ලකුණු 10ක් අමතර ලකුණුය.

මෙහොමඩ් ෂාමි පන්දු ඕවර 05ක් යවා ලකුණු 18කට කඩුළු 05ක් දවා ගත්තේය. මොහොමඩ් සිරාජ් පන්දු ඕවර 07ක් යවා ලකුණු 16ට කඩුළු 03කි.  බුම්රා පන්දු ඕවර 05කික ලකුණු 08කි. කඩුල්ලකි. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 04ට කඩුළු 01කි.

පරාද වෙන බව දන්නේය. අපි ඉල්ලුවේ විලි ලජ්ජා නැතිව කතා කරන්න පුලුවන් පරාජයකි. ඒත් පිච් එක මැද්දේ උන් ඇඳුම් ගලවා නිරුවත් වුනා පමණක් නොව අපි හැමෝම අද ඉන්දියාවේ පාරවල් දිගේ හෙළුවෙන් ඇවිද්වූයේය. කෝටි දෙක්ක නියෝජනය කරන්න ලෝක කුසලානයට යැව්වේ මුං නම්  මේ වගේ උන් ජින්තුපිටියෙනුත් සොයා ගත හැකිය.

හයි ප්‍රෆෝමන්ස් මහෙල ඇතුළු පුහුණුකාර නඩයගෙන්   මෙන්ම නායකත්වයත් වෙනස් කරමින්   අවසන් මොහොතේදීත් ජිල් ගැසූ නල්ලමලේ තේරීම් කමිටුවගෙන් අහන්නට ඇත්තේ  උඹලා ඉන්නේ යටට ඇඳලාද කියාය.

එක අතකින් අපි දෙවැනියට බැට් කළ එක හොඳය. අඩුම ගානේ බලන උන් ඕවර් 50කට වඩා මැච් එක බැලුවේය.  අපි මුලින් බැට් කළා නම් මැච් එකක් බලන්නට ඉඩ ලබා නුදුන් කාලකණ්ණිකමට   ගුටි කන්නේ මැච් බලන්න ආපු ඉන්දියානු නරඹන්නන්ගෙන්ය.

උන් අපි තරම් ඉවසන්නේ නැත.

දැන්නම් මේ ක්‍රිකට් හොඳටෝම ඇතිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උඹලා දැන් ක්‍රිකට් ගහන එක නවත්තලා මළ ගෙවල්වල බූරු ගහන්න පලයල්ලා…

Exit mobile version