කඩා වැටෙන පාසල් ක්‍රිකට් අවුරුදු පහුගිය අවුරුදු 2 දී කෝටි 23 ගිලලා

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති බව හේතු කාරණා සහිතව ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම විසින් හෙළි කරද්දී  පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් කෝටි 23කට අධික    මුදලක් පාසල් ක්‍රිකට් දියුණුව වෙනුවෙන් ලබාදී ඇතැයි වාර්තා වේ.

එහිදී පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පැති විකට්ටු, පන්දු යැවීමේ යන්ත්‍ර, තණතීරු ආවරණ, ලණු පැදුරු, ක්‍රිකට් උපකරණ සහිත බෑග්, තණතීරු තලන රෝලර් යන්ත්‍ර, අත්ට්‍රැක්ටර් යනාදිය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර තිබේ.

පාසල් ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදී ඇති පැති විකට් 220 සඳහා රුපියල් කෝටි 13 ක් වැය වී ඇතැයි සඳහන් වේ. මීට අමතරව පන්දු යැවීමේ යන්ත්‍ර 17 ක් සඳහා රුපියල් එක් කෝටි තිස් හය ලක්ෂයක්ද තණතීරු ආවරණ 25 ක් සඳහා රුපියල් කෝටියක්ද, ලණු පැදුරු 300 ක් සඳහා එක් කෝටි පනස් ලක්ෂයක්ද, ක්‍රිකට් උපකරණ සහිත බෑග් 200 ක් සඳහා රුපියල් කෝටියක්ද, රෝලර් යන්ත්‍ර 24 ක් සඳහා රුපියල් කෝටි තුනක්ද, අත්ට්‍රැක්ටර් 24 ක් සඳහා එක් කෝටි පනස් ලක්ෂයක් සහ තණතීරු රෝලර් සඳහා රුපියල් ලක්ෂ හැටක්  ද වශයෙන් ලබා දී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.


මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් ක්‍රිකට් සංගමයට වසරකට රුපියල් ලක්ෂ 18 ක අනුග්‍රහයක් දක්වන අතර ලකුණු සටහන්කරුවන් සහ ක්‍රිකට් පන්දුද පාසල් ක්‍රිකට් වෙනුවෙන් වාර්ෂිකව ලබාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එතරම් දායකත්වයක් පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට දක්වා තිබුණද අද වන විට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉස්මතු වන දක්ෂයන්ගේ සම්භාවිතාවක අවම අගයක් පැවතීම කණගාටුවට කරුණක් බව ක්‍රිකට් ක්‍රීඩා විචාරකයෝ පවසති. කෙසේ වෙතත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ පාසල් 650 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රිකට් ක්‍රීඩා කළ ද එහිදී පාසලට අයිති ක්‍රිකට් ක්‍රීඩාංගණ ඇත්තේ පනහකටත් අඩු සංඛ්‍යාවකි.

Exit mobile version