ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ලොක්කා විස්සයි විස්ස ලෝක කුසලානයට පස්ස ගසයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔස්ට්‍රෙලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන යොදා ගත් දිනයේදී පැවැත්වීමට නොහැකිව කල් දැමීමට සිදුවන බව ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් සභාපති අර්ල් ඒන්ග්ස් පවසයි. ඒ අනූව අයි.සී.සී.යට ඉදිරිපත් කළ හැකි කරුණු රාශියක් ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ආයතනය මේ වන විට ලබාදී තිබේ.
මේ වන විට ව්‍යාප්තව පවතින කෝවිඞ් 19 වසංගතය ඔස්ට්‍රෙලියානු පාලනය කර තිබුණද අනෙක් රටවල එසේ නොවීමෙන් තරගාවලිය සංවිධානය කිරීම අසීරු වන බව ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් සභාපතිවරයාගේ විශ්වාසය වී තිබේ. “කෝවිඩ් නිසා රටවල් 16කම කණ්ඩායම් ඔස්ට්‍රෙලියාවට ගෙන්වා ගැනීමට උත්සාහ කිරීම යථාර්ථවාදී නොවෙයි. අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට විකල්ප කිහිපයක් යෝජනා කර තිබෙනවා. අපි අපේක්ෂා කරනවා ඒවා බලලා ඔවුන් ලබන මාසයේදී තීරණයක් ගනියි කියලා.” යනුවෙන් ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් සභාපති අර්ල් එඩින්ග්ස් පවසයි.
රටවල් 16 ක් තරග වදින මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ලබන ඔක්තෝම්බර් 18 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා පැවැත්වීමට යෝජිතව තිබේ.
එම තරගාවලියේ පුහුණු තරග හැර සමස්ත තරග 45 ක් පැවැත්වේ. ඊට අමතරව සුදුසුකම් ලැබීමේ වටයක්ද පැවැත්වෙන අතර කෝවිඩ් 19 තත්ත්වය හමුවේ සියලුම කණ්ඩායම් දින 14 ක නිරෝධනයකින් පසුව තරගාවලියට සහභාගි විය යුතුව තිබේ.
“සියලුම ජාතික ක්‍රීඩා මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවද වෙනසක් කරා ගමන් කරමින් ඉන්නවා. මෑත මාසවලදී කෝවිඩ්19 මගින් අවිනිශ්චතා බොහොමයක් ක්‍රීඩාවලට පැමිණියා. මේ අවස්ථාවේදී දුෂ්කර තීරණ ගැනීමට සිදුවෙනවා.” යැයි විස්සයි විස්ස ලෝක කුසලානයේ හිටපු ප්‍රධාන නිලධාරියා වූ කෙවින් රොබට්ස් පවසයි. ඔහුගේ තනතුරේ රාජකාරිය කිරීමට තවත් මාස 18 ක් තිබියදී ඔහු ඉල්ලා අස්විය. ඒ අනුව නව විස්සයි විස්ස ලෝක කුසලාන ප්‍රධාන විධායකවරයා වශයෙන් නික් හොක්ලි පත්කර තිබේ.
දේශ සීමා වසා දැමීම සහ ප්‍රේක්ෂකයන් නොමැතිව විස්සයි විස්ස ලෝක කුසලාන පැවැත්වීම ගැටලු සහගත තත්ත්වයක ඇති බව ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පවසයි. ඔවුන් මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයක පැටලැවි ඇති නමුත් ඒ අර්බුදයෙන් ගොඩ ඒමට ඉන්දියානු කණ්ඩායමේ ඔස්ට්‍රෙලියානු සංචාරය වන තෙක් ක්‍රිකට් සභාපතිවරයා බලා සිටියි.

Exit mobile version