ඔලිම්පික් උළෙල කල් යෑමේ පාඩුව ඩොලර් මිලියන 800 ක්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අන්තර්ජාතික ඔලිම්පික් උළෙල වසරකින් කල් දැමිමනිසා සිදුවු පාඩු ඇමරිකානු ඩොලර් මිලියන 800ක් බවට ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච්  සඳහන් කරයි.
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් එහි විධායක මණ්ඩලය ස්විට්සර්ලන්තයේ ලෝසෑන් නුවරදී පැවැත්වු සාකච්ඡාවකින් අනතුරුව මෙම මූල්‍ය පාඩුව සම්බන්ධයෙන් නිල ප්‍රකාශ නිකුත් කර තිබේ
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව  විසින්  ඔලිම්පික් උලෙළ  2021 වසරේ ජුලි මාසය දක්වා‍ෙ කල් දමන ලදී. එම කල්දැමීමෙන් සිදුවූ පාඩුව සම්බන්ධයෙන් ඔලිම්පික් කමිටු සභාපතිවරයා සඳහන් කරන  මුදල පිළිබඳ  ප්‍රශ්නයක් ඇතැයි  2020 ඔලිම්පික් උළෙලේ ටෝකියෝ සංවිධායකවරයා පවසයි.

Exit mobile version