එල්.පී.එල් ක්‍රිඩකයන් තරග පාවාදීමක පටලවන්නට ගිය ක්‍රිකට් ක්‍රිඩකයා පොලිසියට කැඳවයි

පසුගියදා හම්බන්තොටදී පැවැත්වූ එල්.පී.එල් 20 – 20 ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීම සඳහා ක්‍රීඩකයන් දෙදෙනකුට යෝජනා කළ බවට චෝදනා ලබා සිටින මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයකු ලබන අදාල චෝදනාව සම්බන්ධයෙන් විමර්ෂණය සඳහා සඳුදා ක්‍රිඩා වැරදි පිළිබඳ ව විමර්ෂණය කිරීමේ පොලිස් ඒකකය වෙත කැඳවා ඇති බව වාර්තා වේ.

දඹුල්ල වයිකින්ස් සහ කලම්බෝ කිංග්ස් කණ්ඩායම්වල ක්‍රිඩා කළ ක්‍රීඩකයන් දෙදෙනකු සඳහා මුදලට තරග පාවා දීම වෙනුවෙන් යෝජනා කිරීම සම්බන්ධයෙන් මෙම ක්‍රිඩකයාට චෝදනා ඉදිරිපත්ව ඇති අතර මේ පිළිබඳව පොලිස් ඒකකය ට දක්වා ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ වැළැක්වීමේ විශේෂ ඒකකය මඟිනි.

කෙසේ වුවද ලංකාසරට කරුණු අනාවරණය කළ ආරංචි මාර්ග සඳහන් කළේ මෙම ක්‍රිඩකයා මෙම චෝදනාව සම්බන්ධ විමර්ෂණ වෙනත් අතට යොමු කිරීමට සහ එය මඟ හැරීමට විවිධ අංශ සම්බන්ධ කර ගනිමින් උත්සාහ ගනිමින් සිටින බවයි. ඔහුගෙන් දුරකථන ඇමතුම් ලැබූ බව කියන ක්‍රීඩකයන් දෙදෙනා තමන්ට එවැනි යෝජනාවක් පැමිණි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කර ඇති අතර ඔවුන්ට මේ සම්බන්ධයෙන් විදේශ දුරකථන ඇමතුම් ගණනාවක්ද ලැබුණු බව පැවසේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව පසුගියදා පොලිසියේ ක්‍රිඩා වැරදි විමර්ෂණය කිරීමේ ඒකකය මූලික විමර්ෂණ සිදු කොට ඇති අතර ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිතිපති උපදෙස්ද ලබා තිබුණි.

Exit mobile version