උස පැනීමෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්… උෂාන් සිය වාර්තාව අලුත් කරයි!

ලෝන් ස්ටාර් ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ ගෘහස්ථ උස පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට අමෙරිකාවේ පදිංචි ශ්‍රී ලංකා මලල ක්‍රීඩක උෂාන් තිවංක සමත් විය.

ඔහු පසුගිය වසරේ ඔහු විසින්ම පිහිටුවා තිබූ මීටර් 2.26ක ශ්‍රී ලංකා වාර්තාව බිඳහෙලමින් මීටර් 2.27ක වාර්තාගත පිම්මක්  ඔහු පැන තිබිණි.

මේ අතර සිංගප්පූරුවේදී අද පැවැති ජාත්‍යන්තර බර ඉසිලීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව ද රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට හැකි විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චතුරංග ලක්මාල් කිලෝග්‍රෑම් 67 බර පන්තියේ රන් පදක්කම දිනාගත් අතර ඉන්දික දිසානායක කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් රන් පදක්කම් දිනා ගත්හ.

Exit mobile version