ආසියානු බොක්සිං ශූරතාවට ශූර ශූරියන් තේරීම ‘ලේටන්’ කුසලානයේදී

ආසියානු බොක්සිං ශූරතාව සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය තේරීමේ තරග ලෙස ‘ලේටන් කුසලාන බොක්සිං’ තරගාවලිය යොදා ගැනීමට නියමිතය.

වාර්ෂිකව පැවැත්වෙන ආසියානු බොක්සිං ශූරතා තරගාවලිය ලබන දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවම වශයෙන් අට දෙනකු හෝ සහභාගි වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. තරගාවලියට සුදසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමට ඔක්තෝම්බර් මාසය වන විට ගැටලුවක් නොවනු ඇතැයි බොක්සිං සංගමය බලාපොරොත්තු තබා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේදී දෙසැම්බර් මස අදාළ තරගාවලිය පැවැත්වීමට හැකිවෙතැයි යන ප්‍රශ්නය මතුව තිබුණද ශ්‍රී ලංකාවේ සුදුසුකම් ලැබීමේ තරගය නියමිත කාලයේදී පැවැත්වීමට හැකිවනු ඇතැයි ඔවුන් වැඩිදුරටත් අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් පාසල් සහ ජාතික බොක්සිං තරගාවලිය මේ වසරේදී නොපවත්වන අතර එම තරගාවලිය 2021 වසර දක්වා කල්දැමීමට නියමිතව ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.


 

Exit mobile version