ආචර් සමග කොදෙව්වෝ තරහ වෙති

හිටපු බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමේ වේග පන්දු යවන්නකු වන ජොෆ්රා ආචර් එංගලන්ත කණ්ඩායම නියෝජනය කිරීමෙන් පසු කොදෙව්වන් ඔහු සමඟ කිසිදු මිත්‍රත්වයක් නොදක්වන බව වේග පන්දු යවන කෙමාර් රොච් පවසයි.

මේ වන විට 25 වැනි වියේ පසුවන ආචර් මීට හය වසරකට පෙර බටහිර ඉන්දීය යොවුන් කණ්ඩායම නියෝජනය කළ කොදෙව් ජාතිකයෙකි.

නමුත් අනතුරුව එංගලන්තයේ ප්‍රාන්ත තරග ක්‍රීඩා කිරීමට පැමිණි ආචර් එරට පුරවැසියකු බවට පත්වෙමින් එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සමත් විය.


තරගාවලියේ පන්දු රකින විට ආචර්ගෙන් අනවශ්‍ය අතිරේක වචන තිබේදැයි විමසන ලදුව, “ඒක පිට්ටනියට ආපුවම බලමු. මම හිතන්නෙ අනිවාර්යයෙන් ති තියෙයි. අපි බලමු.” යනුවෙනි.

ටෙස්ට් තරග තුනකින් සමන්විත එංගලන්ත සහ කොදෙව් තරගාවලිය දෙපිලටම වැදගත් සාධකයක් වි තිබේ.

ජොෆ්රා ආචර්ගේ මිතුරන් රාශියක්ම මෙවර කොදෙව් කණ්ඩායම සතුය. ඔහු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කරන විට සිටි කෙමාර් හෝල්ඩර්, ෂායි හෝප්, අල්සාරි ජෝශප් සහ ප්‍රෙස්ටන් මැක්ස්වීන් මෙවර කොදෙව් ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෝ වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එබැවින් මෙවර එංගලන්ත සහ කොදෙව් සටන ආචර් සහ කොදෙව්වන්ගේ සටනක් බවට පත්වනු ඇතැයි මෙම මත වාද වලින් පැහැදිලි වේ.

Exit mobile version