අයි.සී.සී. ලොක්කන් අද විශේෂ තීන්දු දෙකක් ගැනීමට සැරසෙති

කාරණා දෙකක් මුල් කරගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානීන් සහ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක්  අද (10 දා) ස්කයිප් තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට නියමිත අතර එහිදී විස්සයි විස්ස ලෝක කුසලාන සහ මීළඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා පිළිබඳව මාර්තෘකාවට බඳුන් වනු ඇත.

 

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ලබන ඔක්තෝම්බර් මසදී ඔස්ට්‍රෙලියාවේ පවත්වනවාද නැතහොත් එය කල් දමනවාද යන්න ප්‍රධාන වශයෙන් සාකච්චාවට භාජනය වන මෙම රැස්වීමේ මීළඟ අයි.සී.සී. සභාපතිවරයා වශයෙන් යෝජනා වී ඇති නම් සම්බන්ධයෙන්ද අදහස් සහ යෝජනා සාකච්ඡා වීමට නියමිතය.
අවුරුදු එකහමාරක් ඇතුළත විස්සයි විස්ස ලෝක කුසලාන දෙකක් පැවැත්වීමට නියමිතව තිබේ. ලබන 2021 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරකත්වය කිරීමට ඉඩදී මෙම වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022 දක්වා කල් දමන්නේ නම් එය සිදුවිය යුත්තේ එළැඹෙන 2021 වසරේ සත්කාරකත්වය ඔස්ට්‍රෙ ලබාදීමෙන් බව ඔස්ටේ්‍රලියාව පවසයි.
වත්මන් තත්ත්වය අනූව ඔස්ටේ්‍රලියාව විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරකත්වයට සූදානම් වෙමින් තිබියදී අයි.සී.සී.යද තරගාවලිය නියමිත කාලසටහනට පැවැත්වීමට උත්සහ කරමින් සිටියි.
අයි.සී.සී. සභාපති ශෂාන්ක් මනෝහර්ගේ නිල කාලය අවසන්ව ඇති බැවින් ඔහුගේ අනුප්‍රාප්තිකයා වශයෙන් එංගලන්ත සහ වේල්සයේ ක්‍රිකට් ආයතනයේ කොලින් ග්‍රේව්ස් පත්වනු ඇතැයි මීට පෙර ඒකමතිකව යෝජනා විය.
නමුත් පසුව වත්මන් ඉන්දියානු ක්‍රිකට් සභාපති සව්රව් ගංගුලිගේ නමද ඊට යෝජනා වීමත් සමග ගැටලුවක් මතුව තිබේ.
“මොකක්ද හදිස්සිය? පළමුව ඔවන් නිලවරණ ක්‍රියාවලිය ප්‍රකාශයට පත් කළ යුතුයි. ඊට පසු නියමිත වේලාවට අපි තීරණය කරමු.” යැයි මාධ්‍යවේදීන් මීළඟ සභාපතිවරයා සම්බන්ධව ශෂාන්ක් මනෝහර්ගෙන් විමසන ලදුව පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් ඉන්දියානු ක්‍රිකට් ආයතනය මෙතෙක් සව්රව් ගංගුලිව අයි.සී.සී. සභාපතිවරයා ලෙස පත්කරන බවට නිල නිවේදනයක් නිකුත් කර නැත.

Exit mobile version