අයි.සී.සී.යේ ක්‍රිකට් තහනමට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගැන හොයන කමිටුව හෙට වැඩ අරඹයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චෝදනා ලැබ දැනට මාස 15ක් තිස්සේ ක්‍රිකට් තහනමකට ලක් වී සිටින ක්‍රිකට් පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන, හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් සොයිසා හා දිල්හාර ලොකුහෙට්ටිගේටත්, ක්‍රිකට් ආයතනයේ කාර්යක්ෂමතා විශ්ලේෂක සනත් ජයසුන්දරටත් පනවා ඇති ක්‍රිකට් තහනමට මැදිහත්විය හැකි ආකාරය සෙවීමට පත් කර ඇති කමිටුව හෙට (23) ස්වකීය පරීක්ෂණය ආරම්භ කිරීමට නියමිතය.

මෙම සිවු දෙනා අයි.සී.සී ක්‍රිකට් තහනමට ලක් වන්නේ වර්ෂ 2017 වසරේ සාජාහි පැවති ටී 10 තරගාවලියෙන් අනතුරුවය. අවිශ්ක ගුණවර්ධන තමන්ට සිදු වී ඇති අසාධාරණය ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ප්‍රකාශ කිරීමත් සමග ක්‍රීඩා ඇමතිවරයා මෙම කමිටුව පත් කර ඇත්තේ උක්ත තහනම පැනවීමට පාදක වූ සාධාරණ හේතු විමසීමටය.

කමිටුව මගින් සිදුකරනු ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගොනු කර ඇති චෝදනා විමර්ශනය කර වරදකරුවන් නම් ප්‍රසිද්ධ කිරීම හෝ වරදක් සිදු නොවුණි නම් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.


මේ සම්බන්ධව අදහස් දක්වමින් ලෝ ප්‍රකට ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසන්නේ කිසිම සාක්ෂියක් නැතිව අයි.සී.සී.ය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ක්‍රීඩාව තහනම් කරන බවත්, මේ අසාධාරණයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මැදිහත් විය යුතු බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවිශ්ක ගුණවර්ධනට එල්ල වී ඇති චෝදනාව වූයේ සැක කටයුතු පුද්ගලයෙක් සමග වගකිවය යුතු පාර්ශව සමග සාකච්ඡාවක් කිරීමය. එහෙත් අවිශ්ක මාධ්‍යයට කියා තිබුණේ හැකිනම් එවැනි සාකච්ඡාවක් කළ බව ඔප්පු කරන ලෙසය. එම පුද්ගලික තරගාවලියට ටීම් ශ්‍රී ලංකා ලෙස රටේ නම පාවිච්චි කළේ ලංකාවෙන් ගිය කණ්ඩායම පමණක් බවත්, ඒ වසරේ පාළාත් ශූරතාවය දිනාගත් කණ්ඩායමම නොවන බවත්, මෙම තරගාවලියම නොතේරෙන අවුලක් බවත් අවිශ්ක පවසා තිබිණි. අද පැවැත්වෙන විමර්ශනයේ දී චෝදනා ලාභීන් වෙනුවෙන්අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය කටයුතු කරයි.

Exit mobile version