නිවර්තන කුණාටුවේ පඩුපුල් අසුන ‘බෙංගාල බොක්ක’ ද?

බෙංගාල බොක්ක

T”බෙංගාල බොක්ක යනු නිවර්තන ජලයේ විස්තාරණයකි. ජනවාරි ශීත කාලයේ දී එය සන්සුන් ලෙස නිශ්චලව නිල් පැහැයෙන් බබළයි. එහෙත් ගිම්හාන වර්ෂාවේ උච්චතම අවදියේ දී එය කෝපාවිෂ්ඨ වී කැළඹිලි සහිත වේ” බෙංගාල බොක්ක පිළිබද මෙලෙස සඳහන් කර ඇත්තේ හාවඩ් විශ්ව විදවිද්‍යාලයේ මහාචාර්යවරයකු මෙන්ම ඉතිහාසඥයකු වූ   සුනිල් අම්රිත් මහතායි. ඔහු පවසන්නේ මෑත දශක කිහිපය තුළ බෙංගාල බොක්කෙහි දැඩි සුළි සුළං සංඛ්‍යාතය ඉහළ ගොස් ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බෙංගාල බොක්ක යනු ශ්‍රී ලංකාව, ඉන්දියාව, මියන්මාරය, අන්දමන් දූපත්, බංග්ලාදේශය හා නිකොබා දූපත්වලට මැදිව පිහිටි ලොව විශාලතම බොක්ක ලෙස හැඳින්වෙන විශාලතම ජල කලාපයයි.  මිලියන 500 ක ජනතාවක් එය වටා ඇති වෙරළ තීරයේ ජීවත් වේ.
මෙය ලෝක ඉතිහාසයේ මාරාන්තික නිවර්තන සුළි සුළං බහුතරයක ජන්ම භූමිය බව ඉතිහාසයේ  සිට පැවතෙන සාක්ෂි ඕනෑතරම් ය. කාලගුණ අංශ විසින්  කරන ලද ලැයිස්තුගත කිරීමටකට අනුව, වාර්තාගත මාරාන්තික නිවර්තන සුළි සුළං 35 න් 26 ක්ම බිහිවී ඇත්තේ මෙහි දී ය.
“බෙංගාල බොක්ක ප්‍රබල සුළි කුණාටු පිළිබද උදාරණවලින් පිරුණු භූගෝල විද්‍යා පෙළපොතක් මෙනි” යැයි කාලගුණ විද්‍යාඥ සහ කාලගුණ භූගත සමඟ ලේඛක බොබ් හෙන්සන් පවසා තිබේ.
මෙහිදී සුළි කුණාටුවල තත්වය වඩාත් නරක අතට හැරෙන්නේ බෙංගාල බොක්කෙහි ඉහළ මුහුදු මතුපිට උෂ්ණත්වය හේතුවෙන් බව ඔහු පෙන්වා දී තිබේ. එමඟින් අතිශය ශක්තිමත් සුළි සුළං ඇතිවිය හැකිය. “බෙංගාල බොක්ක පිහිටා ඇත්තේ ඉතා උණුසුම් මුහුදක” බව ඉන්දියාවේ කාලගුණ විද්‍යා අංශ ප්‍රධානී ඩී මොහපත්‍රා පවසා ඇත.
කුණාටුවලට ගොදුරු විය හැකි වෙනත් වෙරළ තීරයන් ද පවතී. ලුසියානා ගල්ෆ් වෙරළ තීරය ද එවැන්නකි. නමුත් “බෙංගාල බොක්කෙහි උතුරු වෙරළ තීරය පෘථිවියේ ඕනෑම තැනකට වඩා විනාශකාරී විපර්යාසයන්ට ගොදුරු වේ” යැයි හෙන්සන් මහතා පවසා තිබේ. ඉහළ ජනගහනයක් සහිත වෙරළ තීරය තර්ජනය වඩාත් උග්‍ර බවට පත්කිරීම ඊට හේතුවයි. ලෝකයේ පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් ජීවත් වන්නේ බොක්කෙන් මායිම් වන රටක ය.
සෑම වසර 10 කට වරක්ම අරාබි මුහුදේ සහ බෙංගාල බොක්කෙහි ඇති වූ කුණාටු අතරින් සුපිරි සුළි සුළං මට්ටම ළඟාවූ කුණාටු ඇත්තේ අතළොස්සක් පමණි. 1970 නොවැම්බරයේදී ලෝක ඉතිහාසයේ මාරාන්තික කුණාටුව වන බෝලා සුළි කුණාටුව බෙංගාල බොක්කෙහි සිදු වූ අතර මිලියන භාගයක් පමණ මිය ගියේය. 2008 මැයි මාසයේදී නාර්ගීස් සුළි කුණාටුව මියන්මාරයේ ඉරාවාඩි වෙත බලපෑ අතර අවම වශයෙන් පුද්ගලයින් 140,000 ක් මිය ගිය අතර මිලියන දෙකක ජනතාවක් අවතැන් වූහ.
ඇම්ෆන් සුළි කුණාටුව හෙට දහවල් ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ වෙරළබඩ ප්‍රදේශවලට ඇතුළුවනු ඇති බව අපේක්ෂා කෙරේ. එය දැනටමත් ශ්‍රී ලංකාවට ද අහිතකර බලපෑම් එල්ල කර ඇත.
ඇම්ෆන් සුළි කුණාටුව මේ වසරේ උතුරු ඉන්දියන් සාගර සුළි සුළං සමයේ බිහිවූ පළමු නිවර්තන සුළි කුණාටුවයි. ඉන්දියාවේ කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ එය මුහුදු වෙරළට ඇතුළු වනවිට එය “අතිශය තීව්‍ර සුළි කුණාටුවක්” වනු ඇති අතර සුළං වේගය පැයට කි.මී. 195ක වේගවෙන් තට්ටු දෙකක ගොඩනැගිල්ලක් තරම් උසින් සුළි කුණාටුව චණ්ඩ ලෙස හමායනු ඇති බවයි.
පමුදිනි හෙට්ටිගොඩ

Exit mobile version