කීර්ති ප්‍රනාන්දු –
මුලු දිවයිනේම විදුලි සැපයුම බිඳ වැටී ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.
විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධනගෙන් මේ පිළිබඳව කළ විමසීමේ දී ඔහු පැවසුවේ විදුලි බෙදාහැරීමේ පද්ධතිය තුළ සිදුව ඇති දෝෂයක් මත මෙම බිඳවැටීම සිදුවී ඇති බවයි.
මේ වන විට එම දෝෂය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බවද පැවසේ.
කෙසේ වෙතත් මේ වන විට විදුලි ඉංජිනේරුවරුන් ගෙනයන වෘත්තිය ක්‍රියාමාර්ගය මෙම නඩත්තු කටයුතුවලට බාධාවක් වී ඇති බව ද විදුලි බල මණ්ඩලේ උසස් නිලධාරියෙකු ලංකාසර කළ විමසීමේ දී පැවසීය.
එහෙත් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරන්ගේ සංගමයේ ලේකම් ධම්මික විමලරත්න ලංකාසරට පැවසුවේ මේ වනවිට ඔවුන්ගේ පූර්ණ මැදිහත්වීම මෙම බිඳවැටීම යථාවත් කිරීම සඳහා සපයා ඇති බවය.