සඳුදා, ජූලි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…

by editor
ජූලි 6, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මීගමුව විශේෂ  – ලංකාසර –

  • මීගමුව බන්ධනාගාරයේ  සන්නද්ධ ප්‍රහාරය ගැන සොයන්න විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්!

මීගමුව බන්ධනාගාරය තුළ පුද්ගලයන් දෙදෙනෙකුට මරු කැඳවමින් තවත් 38 දෙනෙකුට තුවාල සිදු කළ දරුණු ගැටුම සහ එය පාලනය කිරීමෙන් අනතුරුව  අද (06) උදෑසන බන්ධනාගාර නිලධාරීන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ සන්නද්ධ ප්‍රහාරය පිටුපස ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සිටින බව විමර්ශන අංශ මගින් අනාවරණය කරගෙන තිබේ.

මෙම ගැටුම සැලසුම් සහගතව සිදු වූවක් ද යන්න පිළිබඳව විමර්ශන අංශවල දැඩි අවධානය යොමු වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබා දීම සඳහා අද (06) රැස් වූ  කැබිනට් මණ්ඩල අනුමැතිය ඇතිව ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කර ඇත.

 විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදුකර, සිද්ධියට හේතු වූ කරුණු, ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග සහ එවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම  මෙම කමිටුවේ වගකීම වේ.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු   පත් කර ඇති අතර, විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක   සහ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන්   සෙසු සාමාජිකයන් ලෙස පත් කර ඇත.

අදාළ කමිටුව විසින් සිද්ධිය පිළිබඳ සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කර, තම නිර්දේශ සහිත වාර්තාව රජයට ඉදිරිපත් කිරීමට නියමිතය.

RelatedPosts

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

මීගමු බන්ධනාගාර ගැටුම… මරණ සංඛ්‍යාව 25 දක්වා ඉහළට…

ගැටුමට මුල් වූ ‘සුරේෂ් සහ බූරු මූණා’ සම්බන්ධය

විමර්ශන අංශ අනාවරණය කරගන්නා පරිදි මෙම ගැටුමේ මහමොළකරු වන්නේ බන්ධනාගාරය තුළ සිට රහසිගතව මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ සුරේෂ් පුෂ්පකුමාර නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. ඔහු දැනට බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින, මිනීමැරුම් 29ක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සංවිධානාත්මක අපරාධකරු වරුණ රංග හෙවත් ‘බූරු මූණා’ නැමැත්තාගේ සමීපතමයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

සුරේෂ් පුෂ්පකුමාර විසින් බන්ධනාගාරය තුළ සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව තවත් රැඳවියන් පිරිසක් විසින් නිලධාරීන්ට ඔත්තු ලබා දී ඇති බවට සැක කරමින්, බන්ධනාගාරයේ විවෘත ප්‍රදේශයක් තුළ දී එම පිරිසට ඊයේ දිනයේ සවස (05)  ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ  මෙම ගැටුම ආරම්භ වී ඇත.

තත්ත්වය පාලනය කිරීම සහ උදෑසන එල්ල වූ ප්‍රහාරය

ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුමෙන් දෙදෙනෙකු මියගොස්, දෙදෙනෙකු බරපතල තුවාල ලබා තවත් 38 දෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු නිලධාරීන් මැදිහත් වී තත්ත්වය පාලනය කර තිබුණි. කෙසේ වෙතත්, අද උදෑසන රැඳවියන්ට උදේ ආහාරය ලබා දී ඔවුන් අධිකරණය වෙත රැගෙන යාමට සූදානම් වන අවස්ථාවේ දී මෙම පාතාල කල්ලි දෙක අතර නැවතත් ගැටුම උග්‍ර වී තිබේ.

එය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වූ අවස්ථාවේ දී, නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ගිනිඅවි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් බන්ධනාගාර කාර්යමණ්ඩලයේ නිලධාරීන්ට ද වෙඩි වැදී තුවාල සිදු වී ඇත.

වගකීම මම භාරගන්නවා – අධිකරණ ඇමති බන්ධනාගාරයට පැමිණෙයි

සිද්ධියෙන් පසු අද පස්වරුවේ මීගමුව බන්ධනාගාරයේ නිරීක්ෂණයක නිරත වූ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව උසස් නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය:

“අධිකරණ ඇමතිවරයා ලෙස මගේ භාරයේ තිබෙන ආයතනයකයි මේක වෙන්නේ. ඒ නිසා ඒ වගකීම මට ඒ ආකාරයෙන්ම භාරගන්න වෙනවා. ඊයේ රාත්‍රියේ මුලින්ම ගැටුම ඇති වන්නේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පාතාල කල්ලි කණ්ඩායම් දෙකක් අතරයි. නැතිව අපරාධකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර නොවෙයි.

අද උදෑසන ඔවුන් උසාවියට රැගෙන යන්න ලෑස්ති වෙනකොට කණ්ඩායම් දෙක අතර ගැටුම් උග්‍ර වුණා. එය පාලනය කරන්න බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වුණා. බන්ධනාගාරය ඇතුළේ සාපේක්ෂව විශාල සෙනගක් ඉන්නවා. මෙහිදී කාර්යමණ්ඩලයටත් වෙඩි වැදිලා තියෙනවා.”

බන්ධනාගාරය තුළට ගිනිඅවි ඇතුළු වූ ආකාරය පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇති බවත්, පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශ මත පදනම්ව මෙවැනි සිදුවීම් නැවත ඇති වීම වැළැක්වීමට සහ ගැටලුව සම්පූර්ණයෙන් විසඳීමට කටයුතු කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය නිලධාරීන් ගණන 6ක් දක්වා ඉහළට; සමස්ත මරණ 26ක් වෙයි

Next Post

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

Related Posts

GOTA
පුවත්

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

ජූලි 6, 2026
පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය නිලධාරීන් ගණන 6ක් දක්වා ඉහළට; සමස්ත මරණ 26ක් වෙයි

ජූලි 6, 2026
පුවත්

මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
GOTA

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

ජූලි 6, 2026

පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…

ජූලි 6, 2026

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය නිලධාරීන් ගණන 6ක් දක්වා ඉහළට; සමස්ත මරණ 26ක් වෙයි

ජූලි 6, 2026
ADVERTISEMENT
  • ලෝකයම හැඬවූ කතාවක්… තායිලන්තයේ පතායා නගරයේ දී ලිංගික අපරාධයකින් පසු ඝාතනය කර සූට් කේස් එකක සඟවා දැමූ තායි දැරියගේ ඛේදවාචකය….

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • සුරේෂ් සලෙයිගේ CID විමර්ශකයින් වෙනස් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: රහසිගත ප්‍රකාශයක් දීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • හරක් කටාගෙන් කෝටි ගණන් ගැසූ දේශපාලනඥයන්, නීතිඥයන් සහ පොලිස් ලොක්කන් කොටුකරගන්න දැවැන්ත විමර්ශනයක්!

    172 shares
    Share 69 Tweet 43
  • වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට තවත් සතියක සහන කාලයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!
  • පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…
  • මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය නිලධාරීන් ගණන 6ක් දක්වා ඉහළට; සමස්ත මරණ 26ක් වෙයි

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.