බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසය ජීවමාන කරමින් නවීකරණය වන  මරදාන දුම්රිය ස්ථානයේ අපූරු කතාව…

by editor
අප්‍රේල් 25, 2026
in පුවත්
maradana-station
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන “සිහින ගමනාන්තය” (Dream Destination) ව්‍යාපෘතිය යටතේ මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු සාර්ථකව නිම කර තිබේ. ඒ අනුව, නවීකරණය කරන ලද එම පහසුකම් මගී ජනතාව වෙත විවෘත කිරීම අද (25) පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

දිවයින පුරා දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ දැවැන්ත සැලසුමක කොටසක් ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, NIO engineering ආයතනය, පෞද්ගලික අංශය සහ සිවිල් සංවිධානවල ඒකාබද්ධ සහයෝගීතාවයෙන් දියත් කරනු ලබන්නකි.

මරදාන දුම්රිය ස්ථානයේ ඉතිහාස කතාව –

ලංකාවේ මුල්ම දුම්රිය ගමන ආරම්භ වන්නේ 1864 දෙසැම්බර් 27 වැනිදා ය. එම පරීක්ෂණ ගමනින් පසු ප්‍රථම මගී දුම්රිය ධාවනය වූයේ  1864 ඔක්තොම්බර් 02 දාය. ඒ වෙනකොට මරදාන හෝ  කොළඹ කොටුව දුම්රිය ස්ථාන තිබුණේ නැත. එම දුම්රිය ගමන ආරම්භ වන්නේ වර්ථමාන මරදාන දුම්රිය ස්ථානයට මදක් නුදුරින් පිහිටි ජාතික දුම්රිය කෞතුකාගාරය පිහිටුවා ඇති භූමියේ එදා පැවති  කොළඹ පර්යන්ත දුම්රිය ස්ථානයෙනි.

colombo-railways
කොළඹ පර්යන්ත දුම්රිය ස්ථානය

මෙම භූමියෙන් දුම්රිය මගී ප්‍රවාහනය විතැන් වන්නේ 1908 නොවැම්බර් 09 දා  මරදාන දුම්රිය ස්ථානය ඉදිවීමෙන් අනතුරුවය. මරදාන දුම්රිය ස්ථානය බිහිවන්නේම කොළඹ පර්යන්ත දුම්රිය ස්ථානය වෙනුවට වඩාත් පහසුකම් සහිත මධ්‍යගත ස්ථානයක් මගීනට ලබා දීමේ අරමුණෙනි.   920 දශකයේදී කොළඹ කොටුව දුම්රිය ස්ථානය ප්‍රධාන දුම්රිය ස්ථානය ලෙස සංවර්ධනය වීමට පෙර, කොළඹ නගරයේ ප්‍රධානතම දුම්රිය මධ්‍යස්ථානය වූයේ ද මරදානය.

වාස්තු විද්‍යාත්මක සහ සංස්කෘතික අගය

මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රධාන ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය යටත්විජිත සමයට අයත් වාස්තු විද්‍යාත්මක ලක්ෂණවලින් යුක්තය. එහි උස් වූ වහලවල්, විශාල ආරුක්කු සහ ගඩොලින් නිම කළ බිත්ති වසර සියයකට වඩා පැරණි ඉංජිනේරු ශිල්පයේ විශිෂ්ටත්වය කියාපායි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මේ හේතුව නිසාම මෙය පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්මාරකයක් ලෙස හඳුනාගෙන ඇත. දෙවන ලෝක යුද්ධය පැවති සමයේදී මෙම ස්ථානය ප්‍රවාහන කටයුතු සඳහා මෙන්ම ආරක්ෂක උපායමාර්ගික ස්ථානයක් ලෙසද භාවිත වූ බව ඉතිහාසයේ සඳහන් වේ.

දශක ගණනාවක් පුරා මෙම දුම්රිය ස්ථානය විටින් විට සංවර්ධනය විය. 1950 දශකයේ අගභාගයේදී ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට ඩීසල් දුම්රිය එන්ජින් හඳුන්වා දීමත් සමඟ මරදාන දුම්රිය ස්ථානය තාක්ෂණික වශයෙන් ද නවීකරණය වුනේය.

අද වන විට, මරදාන දුම්රිය ස්ථානය යනු දිනකට ලක්ෂ සංඛ්‍යාත මගීන් පිරිසක් ගැවසෙන,  වේදිකා 10කට අධික ප්‍රමාණයකින්  සමන්විත පුලුල් දුම්රිය මෙහෙයුම් කේන්ද්‍රකි. එසේම සියවස් එකහමාරකට ආසන්න ලාංකේය දුම්රිය උරුමය මතු පරපුරට රැගෙන යන ජීවමාන ස්මාරකයකි.

maradanarail-01
මරදාන දුම්රිය ස්ථානය 1920 වසරේ දී….

පෞරාණිකත්වය සුරකිමින් සිදු වූ නවීකරණය

ශ්‍රී ලංකාවේ පිහිටි ඓතිහාසික වශයෙන් අතිශය වැදගත් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ දෙවෙනි විශාලතම දුම්රිය මධ්‍යස්ථානය වන මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේදී එහි පෞරාණික වටිනාකමට හානි නොවන පරිදි කටයුතු කර තිබිණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ මාස හයක කාලයක් පුරා මෙම ප්‍රතිසංස්කරණ කටයුතු විධිමත්ව සිදු වුනේය.

පළමු අදියර යටතේ රුපියල් මිලියන 35ක පමණ මුදලක් වැය කර ඇති අතර, ඒ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇත්තේ අක්බාර් බ්‍රදර්ස් පුද්ගලික සමාගම විසිනි. NIO engineering ආයතනය මෙහි උපදේශන සේවාව සපයන ලදී.

සිදු කර ඇති ප්‍රධාන සංවර්ධන කටයුතු

මගී ජනතාවගේ පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් මෙම අදියර යටතේ පහත අංශ කෙරෙහි අවධානය යොමු කර තිබේ:

  • වහල ප්‍රතිසංස්කරණය: වසර සියයකට අධික ඉතිහාසයක් ඇති ප්‍රධාන ගොඩනැගිල්ලේ වහලය දශක ගණනාවකට පසු පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කර ඇත. වර්ග අඩි 2,000කට අධික උඩු මහලේ කොන්ක්‍රීට් වහලය ජල කාන්දු නොවන (Waterproof) අයුරින් සකස් කරමින් දිගුකාලීන දිය කාන්දු ගැටලුවට ස්ථිර විසඳුම් ලබා දී තිබේ.
  • යටිතල පහසුකම්: වේදිකා අංක 05 සහ 06 හි සනීපාරක්ෂක පහසුකම් නවීන උපාංග සහිතව සම්පූර්ණයෙන්ම වැඩිදියුණු කර ඇත.
  • ආරක්ෂාව සහ ආලෝකකරණය: දුම්රිය ස්ථානය පුරා නවීන ආරක්ෂක කැමරා (CCTV) පද්ධතියක් ස්ථාපනය කර ඇති අතර, නව විදුලි ආලෝක පද්ධතිද සවි කර තිබේ.
  • අලංකරණය: ගොඩනැගිල්ලේ අභ්‍යන්තර හා බාහිර කොටස් තීන්ත ආලේප කර පිරිසිදු කර ඇති අතර, පරිසර අලංකරණ කටයුතුද මේ යටතේ නිම කර ඇත.

maradana-station

මහජන වගකීම පිළිබඳ අමාත්‍යවරයාගේ අවධාරණය

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ පසුගිය කාලයේ රටේ පැවති අර්බුදකාරී තත්ත්වයන් මධ්‍යයේ වුවද කිසිදු ප්‍රමාදයකින් තොරව මෙම කටයුතු අවසන් කිරීමට හැකි වූ බවයි. නවීකරණය කරන ලද මෙම පොදු දේපළ රැකබලා ගැනීම මගී ජනතාවගේ මෙන්ම දුම්රිය කාර්ය මණ්ඩලයේද ප්‍රමුඛ වගකීමක් බව ඔහු පෙන්වා දුන්නේය.

මෑතකදී පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණයෙන් පසු එයට සිදු කර තිබූ හානියට එරෙහිව මතු වූ සමාජ විරෝධය රජයට විශාල ශක්තියක් වූ බවත්, ජාතික සම්පත් විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව සමාජය පෙළගැසිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මරදාන දුම්රිය ස්ථාන සංවර්ධනයේ ඉදිරි සැලසුම්

Dream Destination ව්‍යාපෘතියේ මීළඟ අදියරයන් යටතේ මරදාන දුම්රිය ස්ථානයේ මගී පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට නියමිතය.

  • මෙහිදී ප්‍රධාන වශයෙන් මධ්‍යම ගුවන් පාලම (Main Overhead Bridge) පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කිරීමටත්,
  • දැනට පවතින මැද ගුවන් පාලම මගීන්ට දුම්රිය ස්ථානයෙන් පිටතට පිවිසිය හැකි වන පරිදි ජයන්ත වීරසේකර මාවත දක්වා මීටර් 50ක පමණ දුරක් දීර්ඝ කිරීමටත් සැලසුම් කර ඇත.
  • මීට අමතරව, 03 සහ 04 වේදිකාවන් ආවරණය වන පරිදි වහලය දීර්ඝ කිරීම
  • දැනට පවතින විදුලි සෝපාන (Lifts) පද්ධතිය නවීකරණය කිරීම හරහා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට සහ වැඩිහිටියන්ට බාධාවකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම රජයේ අපේක්ෂාවයි.

maradana-station

තිරසර ප්‍රවාහන සැලසුම්වලට අනුව, මරදාන දුම්රිය ස්ථානය මධ්‍ය කරගනිමින් මීළඟ වසර කිහිපය තුළ සංඥා සහ විදුලි සංදේශ පද්ධති පූර්ණ ලෙස නවීකරණය කිරීමට (Signaling and Telecommunication Rehabilitation) නියමිතය.

විශේෂයෙන්ම මරදාන සිට රඹුක්කන දක්වා ප්‍රධාන මාර්ගයේ සහ මරදාන සිට වාද්දූව දක්වා මුහුදුබඩ මාර්ගයේ වසර 50කට වඩා පැරණි සංඥා පද්ධති වෙනුවට ඔප්ටිකල් ෆයිබර් (Optical Fiber) තාක්ෂණය සහිත නවීන පද්ධති ස්ථාපනය කෙරේ.

තවද, කොළඹ උපනගර දුම්රිය ව්‍යාපෘතිය යටතේ වේයන්ගොඩ සිට මරදාන හරහා කළුතර දක්වාත්, මරදාන සිට මීගමුව දක්වාත් දුම්රිය මාර්ග විදුලි පද්ධතිවලට (Electrification) අනුගත කිරීමට අදාළ ශක්‍යතා අධ්‍යයන සහ සැලසුම් කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චමින්ද කුලරත්නගේ විමර්ශනයට බාධා කරමින් පාර්ලිමේන්තුව ඇතුලේ නිලධාරීන් මාරු කරනවා ද?… අල්ලස් කොමිසමත් මැදිහත් වුන කතාවක්!

Next Post

සාක්ෂිකරුවන් බිය වද්දා වළලන්නට යන පාස්කු ප්‍රහාරයේ යට ඇති බිහිසුනු ඇත්ත ගැන කතාවක්!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.