LTTEයට පණදෙන්න හැදූ ශිවාජිලිංගම් උසාවියට කැඳවෙයි

දිනසේන රතුගමගේ:

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා එල්.ටී.ටී.ඊ.සංවිධානයට යළි පණදීම සදහා කටයුතු කළ බවට යාපනය පොලීසිය ගොණුකළ නඩුවකට වග උත්තර බැදීම සදහා ඔහුට යාපනයේ මල්ලාකම් අධිකරණය වෙත 8 දා පැමිණෙන ලෙස අධිකරණ නියෝගයක් එවා තිබේ.

ශිවාජිලිංගම් මහතා සහ ඔහුගේ ආධාරකරුවන් ජූලි මස 9 දා යාපනයේ නාවාලි කෝවිල ඉදිරිපිට විශාල උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇති බවට පොලීසියට තොරතුරු ලැබීමෙන් පසුව පොලීසිය කාරණා දෙකක් මත අධිකරණයට කරුණු වාර්තා කොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශිවාජිලිංගම් මහතා එල්.ටී.ටී.ඊ.සංවිධානයට යළි පණ දීමට උත්සහ කරමින් එම විරෝධතාවය සංවිධානය කොට ඇති බවත් එම විරෝධතාවය නිසා කොරෝනා වෛරස් රෝගය සම්බන්ධයෙන් පනවා ඇති සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය විය හැකි බවත් පොලීසිය විසින් ඉදිරිපත් කොට ඇති කාරණා දෙකයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වග උත්තර බැදීම සදහා හිටපු මන්ත්‍රීවරයාට ජූලි මස 8 වෙනිදා දහවල් 12 ට යාපනයේ මල්ලාකම් අධිකරණය වෙත පෙනී සිටින ලෙසට නියෝග කොට තිබේ.

Exit mobile version