බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 මත්ද්‍රව්‍ය ජාවාරම් ඉතිහාසයේ චීවරය අවභාවිතා කළ නින්දිතම අවස්ථාව…  චීවරධාරීන් 22ක් සමග රුපියල් කෝටි 110ක කුෂ් සහ හෑෂ් අත්අඩංගුවට

 චීවරය මුවාවෙන් සිදුවූ කෝටි 110ක මත්ද්‍රව්‍ය ජාවාරම: මහ මොළකරු ජාත්‍යන්තර ජාලයක සාමාජිකයෙක් ද?

by editor
අප්‍රේල් 26, 2026
in පුවත්
katunayake
Share on FacebookShare on Twitter

මිගමුව විශේෂ – 

කටුනායක ගුවන්තොටුපොළේදී චීවරධාරීන් 22 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමේ සිදුවීම හුදෙක් පුද්ගලික වැරදීමකට එහා ගිය ඉතා සැලසුම් සහගත ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක ක්‍රියාන්විතයක් බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී. මෙරට බෞද්ධ උරුමය සහ භික්ෂුත්වයේ ගෞරවය පාවිච්චි කරමින් ජාවාරම්කරුවන් විසින් මොවුන් “ඉත්තන්” බවට පත් කරගෙන ඇති බවට සැකකෙරේ.

මෙම සිදුවීමේ ඇති භයානකම තත්ත්වය වන්නේ ජාවාරම්කරුවන් විසින් තරුණ භික්ෂූන් ඉලක්ක කර ගනිමින් මෙම ජාලය ක්‍රියාත්මක කිරීමය. විමර්ශන වාර්තාවලට අනුව, මෙම පිරිසට ගුවන් ටිකට්පත් ලබා දී, තායිලන්තයේ සංචාරක පහසුකම් සලසා දී ඔවුන්ට ගිහියන් සේ හැසිරෙමින් අවශ්‍ය කරන කාමුක සැප ලබා ගැනීමට අවස්ථාව සලසා  තිබෙන්නේ කිසියම් අදෘශ්‍යමාන අනුග්‍රහකයෙකු විසිනි.

දැනට පෙළ ගැසෙන තොරතුරු අනුව භික්ෂුවකට සමාජය තුළ සහ ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ තුළ ඇති “ගෞරවනීය පිළිගැනීම” මුවාවක් ලෙස යොදා ගනිමින්, කිලෝග්‍රෑම් 110ක මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගලා ඒමට සැලැස්වීම පිටුපස ප්‍රබල ජාවාරම්කරුවෙකු සිටින බවට විමර්ශන අංශ වෙත සැක පහළ වි තිබේ.

ශ්‍රී ලංකාව යනු ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය ලෙස ජාත්‍යන්තරය පිළිගත් රටකි. එවන් රටක භික්ෂූන් පිරිසක් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට හසුවීම, ශ්‍රී ලංකාව වසර දහස් ගණනක් තිස්සේ රැකගෙන ආ ජාත්‍යන්තර කීර්තියට ප්‍රතිපූර්ණය කළ නොහැකි හානියක් සිදුකර තිබේ. ජාවාරම්කරුවන් විසින් භික්ෂූන්ගේ සිවිල් ඇඳුමින් සැරසුණු වීඩියෝ සහ ඡායාරූප පවා ලබාගෙන තිබීමෙන් පෙනී යන්නේ, මොවුන්ව බ්ලැක්මේල් කිරීමේ හෝ දැඩි ග්‍රහණයකට නතු කර ගැනීමේ උපාය මාර්ගයක් ද මෙහි තිබූ බවට සැක පහළ වී ඇත.

ඉතිහාසයේ බිහිසුණු කළු පැල්ලමක් වන්නේ ඇයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය ය. මෙතරම්  භික්ෂු පිරිසක් සංවිධානාත්මකව මත්ද්‍රව්‍ය ජාලයක වාහකයින් බවට පත් කරමින් සිටින අවස්ථාවක් මින් පෙර ශ්‍රී ලංකා  ඉතිහාසයේ වාර්තා වී නැත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඊයේ (අප්‍රේල් 25) රාත්‍රියේ සිදුකළ  විශේෂ වැටලීමේදී මේ  චීවරධාරීන් 22  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (PNB) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ (Kush) සහ ‘හෑෂ්’ (Hashish) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110කට අධික ප්‍රමාණයක් සමගය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි Thai AirAsia FD-140 දරන ගුවන් යානය පරීක්ෂාවට ලක් කර ඇත. රාත්‍රී 10.10ට පමණ දිවයිනට ළඟා වූ මෙම යානයේ සිටි චීවරධාරීන් 22 දෙනාගේ ගමන් මලු දැඩි පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.

සූක්ෂ්ම ලෙස සැඟවූ මත්ද්‍රව්‍ය

පොලිසිය පවසන පරිදි, සැකකාර චීවරධාරීන් තම ගමන් මලු තුළ පාසල් බෑග්, පොත්පත් සහ රසකැවිලි අසුරා තිබූ අතර ඒවායේ ව්‍යාජ පතුල් සකස් කර මත්ද්‍රව්‍ය ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබුණි. එක් අයෙකු සන්තකයේ තිබී කිලෝග්‍රෑම් 05කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගත් බවත්, මුළු මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 110ත් 120ත් අතර වන බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

තායිලන්ත සංචාරයේ සුලමුල

මෙම පිරිස පසුගිය අප්‍රේල් 22 වැනිදා අනුග්‍රහකයෙකුගේ වියදමින් තායිලන්තය බලා ගොස් තිබේ. සැකකරුවන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී තායිලන්තයේදී චීවරය ඉවත් කර සිවිල් ඇඳුමින් සැරසී විවිධ විනෝද ක්‍රියාකාරකම්වල නිරත වන ඡායාරූප සහ වීඩියෝ දර්ශන රැසක් පොලිසිය විසින් සොයාගෙන ඇත. එම දර්ශන මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ ප්‍රධාන සාක්ෂි ලෙස භාවිතා කිරීමට නියමිතය.

සැකකරුවන්ගේ පසුබිම

අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන තරුණ භික්ෂූන් වන අතර, ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ඔවුන්ගෙන් බහුතරයක් උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබමින් සිටින බව හඳුනාගෙන තිබේ. චීවරධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මෙතරම් විශාල පිරිසක් එකවර අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ.

විමර්ශන කටයුතු

මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන ජාත්‍යන්තර සබඳතා සහ මෙරට ප්‍රධාන ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. සැකකරුවන් අද (අප්‍රේල් 26) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය වැටලීමට අදාළව එක්තරා චීවරධාරියෙක්  පිළිබඳව ද තොරතුරු වාර්තා වී ඇති අතර, එම හිමියන් මෙම ජාලය මෙහෙයවූයේ ද නැතහොත් මීට සම්බන්ධ වූයේ ද යන්න පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දැඩි අවධානයෙන් විමර්ශන සිදු කරයි. විශේෂයෙන්ම ජංගම දුරකථන දත්ත ඔස්සේ මෙම පිරිස මෙහෙයවූ “සැබෑ මහ මොළකරු” හඳුනා ගැනීමට නිලධාරීන් උත්සාහ කරමින් සිටී.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අධිවේගී මාර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරයට!

Next Post

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සියලුම භික්ෂු ප්‍රතිරූපක විෂයෙහි දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න… මහා නායක හිමිවරු නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරති…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.