සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමිල්නාඩු ධීවර ආක්‍රමණය නවතන්න: යාපනය ධීවරයෝ නව මහ ඇමති තලපති විජේගෙන් හදිසි ඉල්ලීමක් කරති!

by editor
මැයි 20, 2026
in පුවත්
VIJEYI

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තමිල්නාඩු ධීවරයින් විසින් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු කලාපයට ඇතුළු වී එරට ධීවරයින්ට අයත් මත්ස්‍ය සම්පත මහා පරිමාණයෙන් කොල්ලකෑමේ නිරත වන බව පිළිගන්නා ලෙසත්, උතුරේ පීඩාවට පත් ධීවරයින්ට කඩිනමින් සහන සලසන ලෙසත් යාපනය එක්සත් ධීවර සංගමය තමිල්නාඩුවේ නව මහ ඇමති තලපති විජේ වෙත විශේෂ ඉල්ලීමක් කරමින් කියා සිටී.

ඉදිරියේදී තමිල්නාඩු ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන ආක්‍රමණශීලී පැමිණීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පියවර ගන්නා ලෙස එම සංගමය මැයි 19 වැනිදා නිල වශයෙන් ඉල්ලා සිටියේය.

යාපනය එක්සත් ධීවර සංගමය එහි සභාපති ඇන්තනි පිල්ලේ මරියදාස්ගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී විශේෂ රැස්වීමක් පවත්වා ඇති අතර, එහිදී මෙම අර්බුදයට අදාළව සකස් කරන ලද නිල ලිපියක් තමිල්නාඩු නව ප්‍රධාන අමාත්‍යවරයා වෙත සෘජුවම යොමු කිරීමට පියවර ගෙන ඇත. මෙම ලිපියේ අන්තර්ගත සියලුම කරුණු සහ යෝජනා කෙරෙහි යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත ධීවර ප්‍රජාවගේම පූර්ණ එකඟතාව සහ සහයෝගය හිමිව තිබීම විශේෂත්වයකි.

පවත්නා ගැටලුකාරී තත්ත්වය සහ ධීවරයින් මුහුණ දෙන අසීරුතා පිළිබඳව තමිල්නාඩු නව ප්‍රධාන අමාත්‍යවරයා සමඟ සෘජුව සාකච්ඡා කිරීමට උතුරේ ධීවර සමිති නියෝජිතයින්ට දැඩි අවශ්‍යතාවයක් පවතින බවත්, ඒ සඳහා සුදුසු දිනයක් සහ වේලාවක් කඩිනමින් ලබා දෙන ලෙසත් යාපනයේ ධීවරයෝ සිය ලිපිය මගින් ඉල්ලා සිටිති.

මේ දිනවල ඉන්දීය සාගර කලාපය තුළ මත්ස්‍ය බිත්තර පුපුරා මසුන් බෝවීම සිදුවන කාලසීමාව බැවින්, සාම්ප්‍රදායිකව ඉන්දියාවේ තමිල්නාඩුව ආශ්‍රිත මුහුදු කලාපයේ මසුන් මැරීම ධීවරයින්ට තහනම් කර ඇත. කෙසේ වුවද, ඉදිරියේදී එම මත්ස්‍ය තහනම ඉවත් වීමත් සමඟම තමිල්නාඩුවේ ධීවරයින් දහස් ගණනින් නැවතත් උතුරු මුහුදු කලාපයට බලහත්කාරයෙන් පැමිණ මසුන් මැරීම සහ මෙරට ධීවර ආම්පන්න විනාශ කිරීම ආරම්භ කිරීමට නියමිතය. එම නිසා එම තහනම ඉවත් වීමට මත්තෙන්, මෙම අනීතික ධීවර ආක්‍රමණය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ස්ථිරසාර පියවර ගන්නා ලෙස යාපනය එක්සත් ධීවර සංගමය නව මහ ඇමතිවරයාගෙන් දැඩිව ඉල්ලා සිටී.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

මීට අමතරව, දීර්ඝ කාලයක සිට තමිල්නාඩු ට්‍රෝලර් යාත්‍රා හේතුවෙන් උතුරේ ධීවරයින්ට සිදු වූ දැවැන්ත ජීවනෝපාය සහ දේපළ අලාභයන් සැලකිල්ලට ගෙන, පීඩාවට පත් ධීවරයින් වෙනුවෙන් ඉන්දීය මධ්‍යම රජයෙන් හෝ ප්‍රාන්ත රජයෙන් සාධාරණ වන්දියක් ලබා දීමට මැදිහත් වන ලෙසද ඔවුහු ඉල්ලති.

එමෙන්ම, ඓතිහාසික කච්චතීව් දූපත ඇතුළු ශ්‍රී ලංකාවට සතු උතුරු සාගර කලාපයේ කොටස් ඉන්දියාවට අයත් බවට දේශපාලන වාසි තකා නැවත කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකරන ලෙසද යාපනය ධීවර සංගමය සිය ලිපිය මගින් තමිල්නාඩු නව ප්‍රධාන අමාත්‍ය තලපති විජේ වෙත අවධාරණය කර ඇත.

තලපති විජේ යනු  දෙමළ ජාතිකත්වය අතිශයින්ම තියුණු ලෙස භාවිතා කරමින් දේශපාලනය කරන දේශපාලකයෙකි. ඔහු  දකුණු ඉන්දීය දමිළ ජනතාව සහ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව ලේ ඥාතීත්වයන් සම්බන්ධ ඥාතිවරු පිරිසක් ලෙස ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නයට මැදිහත්වීමට උත්සාහ කරයි. කච්චතිව් දූපත අත්පත් කරගැනීම සඳහා දේශපාලන උද්ඝෝෂණයක නිරතවෙයි.

මේ අතර උතුරේ දෙමළ ධීවර ප්‍රජාව බරපතල ව්‍යසනයකට හෙළමින් තමිල්නාඩු ධීවරයින් උතුරේ  ශ්‍රී ලාංකික මුහුදු සීමාව ආක්‍රමණය කිරීමේ බලහත්කාරය වෙනුවෙන් පෙනී සිටී.

උතුරේ ධීවරයින් විසින් ප්‍රශ්න කරමින් ඇත්තේ ජොෂප් විජෙයි ගේ මේ දෙබිඩි සහ මුග්ධ පිළිවෙතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පරීක්ෂණයට ලක් කරන ඩීසල් වාහන අතරින් සියයට 50කින් මිනිස් සිරුරට අහිතකර විෂ කළු දුම්… සති 02කින් නිවැරදි නොකළොත් වාහන අසාධු ලේඛනගත කිරීමට සැරසෙයි!

Next Post

සුරේෂ්  සලෙයි  ජූලි 1 දක්වා තවදුරටත් CID භාරයට – අධිකරණයෙන් නියෝගයක්!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.