බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොව විශාලතම ස්වභාවික ගෑස් නිපදවන ඉරානයේ  ‘සවුත් පාර්ස්’ ගෑස් නිධියට  ඊශ්‍රයාලය එල්ල කර ප්‍රහාරයත් සමග ලෝකයම ගිනි ගොඩකට තල්ලු වන ලකුණු!

by editor
මාර්තු 19, 2026
in පුවත්
South-Pars-attack
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

මැදපෙරදිග කලාපයේ  ගැටුම මහා පරිමාණ යුද්ධයක  ස්වරූපය දක්වමින් ඇත.   ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ඉරානයට අයත් ලොව විශාලතම ස්වභාවික ගෑස් නිධිය වන ‘සවුත් පාර්ස්’ (South Pars) ඉලක්ක කර ගනිමින් ඊයේ (2026 මාර්තු 18) ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.  මේ වනවිට  මැදපෙරදිග නිර්මාණය වී ඇත්තේ මහා ඛේදවාචකයක ස්වරූපය ලෝකයම තිගස්වා ඇති බව ලියා තබමු. වසර බිලියන ගණනක් තිස්සේ පෘථිවි ගෝලය තුළ නිර්මාණය වූ මහා ස්වභාවික සම්පත්  මුග්ධ  ජඩයින් පිරිසක් විසින්  බලය උදෙසා කරන කාකොටා ගැනීමකදී  එක් මොහොතකින්  විනාශයට පත්කරනු  දැකීමට තරම්  අපේ පරම්පරාව අවාසනාවන්ත වී ඇත.

කටාර් රාජ්‍යය සමඟ හවුලේ හිමිකාරිත්වය දරන මෙම දැවැන්ත සමුද්‍රීය ගෑස් ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයත් සමඟ කලාපය පුරා දැවැන්ත ගිනි ජාලා සහ දුම් රොටු පැන නැගුණු අතර, ඉරානය විසින් මීට එරෙහිව දැඩි ප්‍රතිප්‍රහාර දියත් කරන බවට වහාම සපථ කර තිබේ.

සවුත් පාර්ස් නිධිය

ඉරානයේ දකුණු වෙරළ තීරයේ අසලුයේ (Asaluyeh) ආසන්නයේ බුෂෙහ්ර් ප්‍රාන්තයේ පිහිටා ඇති සවුත් පාර්ස් නිධිය, ඉරානයේ සමස්ත ගෑස් නිෂ්පාදනයෙන් 70%කට පමණ දායක වන එරට ආර්ථිකයේ ප්‍රධානම ජීවනාලිය ය. ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ ජාත්‍යන්තර වාර්තා තහවුරු කරන පරිදි, ප්‍රහාරයෙන් ගෑස් පිරිපහදු ඒකක, ගබඩා ටැංකි සහ පෙට්‍රෝ රසායනික සංකීර්ණයකට දැඩි හානි සිදුව ඇත.

අවම වශයෙන් ස්ථාන දෙකක දුම් රොටු නගින අයුරු චන්ද්‍රිකා ඡායාරූප මගින් තහවුරු වී ඇති අතර, පිරිපහදු සහ ගබඩා අංගනවල හටගත් ගිනි නිවීමට සහන සේවකයන් දැඩි වෙහෙසක් දරමින් සිටී. මෙම ප්‍රහාරයෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.  සේවකයන් වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කටාර් විදේශ අමාත්‍යාංශය සෘජුවම ඊශ්‍රායලයට චෝදනා කර ඇති අතර, දෙරටටම පොදු වූ සම්පතක් ඉලක්ක කිරීම “භයානක සහ වගකීම් විරහිත පියවරක්” ලෙස හඳුන්වා දී ඇත. ඊශ්‍රායල හමුදාව නිල වශයෙන් වගකීම භාරගෙන නොමැති වුවද, ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන්නේ රජයේ උසස් නිලධාරීන් මෙම මෙහෙයුම තහවුරු කර ඇති බවය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඇමරිකා එක්සත් ජනපදය මෙම ප්‍රහාරය පිළිබඳව කලින් දැනුවත්ව සිටියද, ඔවුන් සෘජුවම ඊට දායක වී නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධියේ ඉරාන ක්‍රියාකාරකම්වලට ලබා දුන් පණිවුඩයක් ලෙස මෙයට ඇමරිකානු අනුමැතිය හිමිව ඇති බවට ඇතැම් වාර්තා පළ වුවද, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුව ප්‍රකාශ කර සිටියේ වොෂින්ටනය හෝ කටාර් රාජ්‍යය මෙම මෙහෙයුමට සම්බන්ධ නොමැති බවයි.

South-Pars-attack
ලොව විශාලම ස්වභාවික ගෑස් නිධියට ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් පසු…

ඉරානයේ ප්‍රතිප්‍රහාර:  

මෙම ප්‍රහාරයට සෘජු ප්‍රතිචාරයක් ලෙස ඉරානය විසින් අසල්වැසි ගල්ෆ් රටවල බලශක්ති මධ්‍යස්ථාන වෙත වේගවත් ප්‍රහාර මාලාවක් දියත් කර ඇත. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සවුදි අරාබියේ තීරණාත්මක තෙල් සහ ගෑස් පහසුකම් වෙත ප්‍රහාර එල්ල කරන ලදී.

පසුගිය පැය 24 තුළ සිදු වූ ප්‍රහාරවල තත්ත්වය මෙසේය:

කටාර්: ලොව විශාලතම ද්‍රව ස්වභාවික ගෑස් (LNG) පිරිපහදු මධ්‍යස්ථානය වන ‘රස් ලැෆාන්’ (Ras Laffan) කාර්මික නගරයට මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල විය. එහි යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති අතර ප්‍රහාරයෙන් පසු කටාර් රජය ඉරාන තානාපතිවරුන් රටින් පිටුවහල් කිරීමට පියවර ගෙන ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය: හබ්ෂාන් (Habshan) ගෑස් මධ්‍යස්ථානය සහ බාබ් (Bab) තෙල් නිධිය ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර හේතුවෙන් එහි මෙහෙයුම් අත්හිටුවීමට සිදුව ඇත. එසේම ඛෝර් ෆක්කාන් වෙරළට ඔබ්බෙන් වූ නෞකාවකට ද ප්‍රහාරයක් එල්ල වී තිබේ.

සවුදි අරාබිය: එරට නැගෙනහිර පළාතේ ගෑස් පහසුකම් සහ රියාද් අගනුවර ආසන්නයට ප්‍රහාර එල්ල විය. සවුදි ආරක්ෂක අංශ විසින් මිසයිල කිහිපයක් අහසේදීම විනාශ කළද, එහි සුන්බුන් පතිත වීමෙන් සිවිල් වැසියන් සිව්දෙනෙකු තුවාල ලබා ඇත.

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව සහ ඊශ්‍රායලය සිදු කරන මෙම “ආක්‍රමණශීලී ක්‍රියා” හේතුවෙන් සමස්ත ලෝකයම වෙළා ගන්නා පාලනය කළ නොහැකි ප්‍රතිවිපාක ඇති විය හැකි බවයි.

Nකටාර් එල්එන්ජී බලාගාරයට එල්ල වූ ඉරාන ප්‍රහාරය….

ලෝකයේ ප්‍රතිචාරය

මෙම ම්ලේච්ඡ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ලෝක නායකයන් සිය බලවත් කනස්සල්ල පළ කර ඇති අතර, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අවධාරණය කර සිටියේ බලශක්ති සහ ජල සැපයුම් වැනි සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම වහාම නතර කළ යුතු බවයි. ඔහු මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කටාර් එමීර්වරයා සමඟ දුරකථන සංවාදයක ද නිරත වී ඇත.

මේ අතර, ඇමරිකානු ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ගිණුම හරහා අනතුරු අඟවා ඇත්තේ, කටාර් රාජ්‍යයට එරෙහිව ඉරානය නැවතත් ප්‍රහාර එල්ල කළහොත් සමස්ත ‘සවුත් පාර්ස්’ ගෑස් නිධියම මුළුමනින්ම විනාශ කිරීමට ඇමරිකාව මැදිහත් වන බවයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සහ යුරෝපා සංගමය ද මෙම තත්ත්වය “දැඩි අවදානම් සහගත” බව පවසා තිබේ.

රුසියාව ප්‍රකාශ කර සිටියේ මෙම ප්‍රහාරයන් කලාපීය ස්ථාවරත්වය බිඳ දමන කලින් සැලසුම් කළ ආක්‍රමණශීලී ක්‍රියාවක් බවයි. කටාර් රාජ්‍යය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මෙම ප්‍රහාර හමුවේ සිය දැඩි විරෝධය පළ කරමින්, මෙය ගෝලීය බලශක්ති ආරක්ෂාවට එල්ල වූ සෘජු තර්ජනයක් බව පෙන්වා දී ඇත.

ගෝලීය බලශක්ති වෙළඳපොළට එල්ල වූ බලපෑම

මෙම ගැටුමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සියයට 5කින් පමණ ඉහළ ගොස් ඇති අතර, බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 110 සීමාවට පැමිණ ඇත. ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් පහෙන් එකක් සිදු කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හේතුවෙන් යුරෝපයට සහ ආසියාවට බලශක්ති සැපයුම අඩාල වීමේ දැඩි අවදානමක් මතුව තිබේ. මෙය ගෝලීය උද්ධමනය ඉහළ යාමට ද ප්‍රබල හේතුවක් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විශේෂ වරප්‍රසාද නැති එක යායේ මිනිස්සු… මන්ත්‍රීවරුත් පෝලිම්වල සිට කෝටා එකට ඉන්ධන ලබා ගනිති!

Next Post

ඉන්ධන QR ගැටලුව විසඳයි… වෙනත් අයෙකුගේ දුරකථන අංකයකට ලියාපදිංචි වාහන දත්ත ඉවත් කිරීමට අලුත් පහසුකමක්!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.