GMOA අංගොඩ ගෝලයා පාදෙණියටත් අන්නයි!

රජයේ වෛද්‍ය නිලධාරීන්ට නෛතිකව ලැබෙන ස්ථාන මාරු අවලංගු කරගෙන සිය වෛද්‍ය බිරියත් සමග පුරා වසර දහයකට ආසන්න කාලයක් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ රැඳී හිඳිමින් එහි පරිපාලනය මුලුමනින්ම අවුල් කර ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය කොවිඩ් මළගෙයක් බවට පත් කරමින් ඇතැයි කියන අංගොඩ ජී.එම්.ඕ.ඒ නියෝජිතයා සම්බන්ධව එම රෝහලේම වෛද්‍යවරු පිරිසක් රෝහල් පරිපාලනයටත්, සෞඛ්‍ය අමත්‍යාංශයටත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත්, ලිඛිතව දන්වා ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේත් රෝහල් පරිපාලනයේත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේත්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙත් බලතල  මේ ජී.එම්.ඕ.ඒ නියෝජිතයා අත්තනෝමතිකව අවභාවිතා කරමින් රෝහල දැවැන්ත විනාශයකට ඇද දමන බව එම ලිපියේ දැක්වේ.

මෙම වෛද්‍යවරු පිරිස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ භාපතිවරයාට වෙතත් ලිඛිතව දන්වා ඇත්තේ උදාන පානදුරගේ නැමැති මෙම ජී.එම්.ඕ.ඒ නියෝජිතයා නිසා මේ වනවිට රෝහල් පරිපාලනයේ කිසිම කටයුත්තක් සාධනීයව කරගත නොහැකි වීමේ අවසන් ප්‍රතිඵලය පිටවෙමින් ඇත්තේ කොවිඩ් රැළි පිට රැළි එන අංගොඩ රෝහලේ රෝගන්ගේ ජීවිත වලින් බවය.


මානසික ප්‍රතිකාර ලබමින් සිටිනා අතරමැදි නිවස්නයේ හාරසියයකට ආසන්න ප්‍රතිකාර ලාභන් අතර කොවිඩ් ව්‍යසනය දැඩි ලෙස පැතිර යමින් ඇති බවත්, දැනට සැලකිය යුතු පිරිසක් මියගොස් ඇති බවත් පෙන්වා දෙන මෙම වෛද්‍යවරු කණ්ඩායම මේ රෝගීන් කළමනාකරණයට අවශ්‍ය වෛද්‍යවරුන් ප්‍රමාණය ලබා ගැනීමට පවා මෙම ජී.එම්.ඕ.ඒ නියෝජිතයා රෝහල් පරිපාලනයට ඉඩ නොදෙන තරම් මුග්ධ වී ඇති ආකාරය පෙන්වා දෙයි.

“ අතරමැදි නිවාසයෙ ඉන්නෙ උග්‍ර මානසික රෝගී තත්වයන් නැති, එහෙත් සුළු ප්‍රතිකාර තත්වයේ පසුවන, නෑදෑ හිතවත් සමාජ සම්බන්ධතා හීන අසරණ මිනිස්සු කණ්ඩායමක්. ඒ කණ්ඩායම 400කට ආසන්නයි. ඔවුන් අතරින් දැනටමත් කොවිඩ් ආසාදිත රෝගීන් 150කට වඩා අපි හඳුනාගෙන ඉන්නවා. ඒ අතරෙ සෑම සතියකට සැරයක්ම මේ පිරිසෙන් තිහක් හතලිහක් කොවිඩ් පොසිටිවු වෙනවා. ඔවුන් අන්තිම අසරණයි. අපි වෛද්‍යවරු විදිහට පැය විසි හතර වැඩ කළත් මේ අය වෙනුවෙන් කරන්න දේවල් තියනවා. එහෙම තියන සංවේදී තැනක පරිපාලනය තමයි මේ ජී.එම්.ඕ.ඒ. නියෝජිතයා විසින් අවුල් කරන්නෙ. අපට තියන ප්‍රශ්නය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාගේ බලතලත් මේ පුද්ගලයා අත්පත් කරගෙන කරගෙන කරන මේ විනාශය මොකක්ද කියලයි“.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව කළ විමසුමක දී අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරයෙක් ලංකාසරට පැවසීය.
කෙසේ වෙතත් මේ ජී.එම්.ඕ.ඒ නියෝජිතයා සම්බන්ධව අදාල සියලුම පාර්ශව ලිඛිතව දැනුම්වත් කර ඇති බවත් එම එම ආරංචි මාර්ග තහවුරු කළේය.

Exit mobile version