බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

by editor
ජූලි 23, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය – 

කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේ දී චීන ජාතිකයන් පිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමකින් පසු පැහැරගැනීමට ලක්ව අතුරුදන්ව සිටි චීන ජාතිකයෙකුගේ සිරුර ඇහැලියගොඩ, කරඳන ප්‍රදේශයේ කැලෑවක තිබී සොයාගෙන තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකාර චීන ජාතිකයන් දෙදෙනෙකු මෙරටින් පළා යාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය සමත්ව ඇත.

AI නිර්මාණකි…

මසුන් අල්ලමින් සිටියදී එල්ල වූ සන්නද්ධ ප්‍රහාරය

පොලිස් විමර්ශනවලට අනුව, අද අළුයම චීන ජාතිකයන් තිදෙනෙකු වරාය නගර පරිශ්‍රයේ පිහිටි එල්ලෙන පාලම මත මසුන් අල්ලමින් සිට ඇත. මසුන් මැරීම සඳහා මෙම චීන ජාතිකයින් තිදෙනා කැබ් රථයකින් පැමිණ තිබිණි. ඔවුන් එහි රැඳී සිටිය දී අලුයම 2.00 ත් 3.00 ත් අතර කාලයේ දී මුහුණු ආවරණය කරගත් 15 ත් 20 ත් අතර ආයුධ සන්නද්ධ චීන ජාතිකයන් පිරිසක් කළු පැහැති වෑන් රථයකින් සහ තවත් වාහනයකින් එම ස්ථානයට පැමිණ තිබේ.

පැමිණි සන්නද්ධ පිරිස මසුන් අල්ලමින් සිටි තිදෙනාට ගිනිඅවි පෙන්වා තර්ජනය කර, ඔවුන්ගේ දෑත් සහ දෙපා බැඳ, මුහුණු ආවරණය කර දරුණු ලෙස පහර දී ඇත. අනතුරුව ඉන් දෙදෙනෙකු වෑන් රථයට දමා වෑන් රථය අතහැර, අනෙක් පුද්ගලයා වෙනත් වාහනයක දමාගෙන පැහැරගෙන ගොස් තිබේ.

පහරකෑමට ලක්ව වෑන් රථයේ දමා සිටි චීන ජාතිකයන් දෙදෙනා පසුව වරාය නගරයේම වාහන නැවැතුම්පොළක් අසල දෑත් සහ දෙපා බැඳි පිටින්ම සිටිය දී ඔවුන් කෙසේ හෝ බැමි ලිහාගෙන තම මිතුරන් මාර්ගයෙන් කොළඹ වරාය පොලිසියට පැමිණිලි කර තිබේ. තුවාල ලැබූ එම චීන ජාතිකයන් දෙදෙනා මේ වන විට පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී. පොලිසිය විසින් එම වෑන් රථය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී වායු පිස්තෝලයක් (Air Pistol) සහ සන්නිවේදන උපකරණයක් සොයා ගැනීමට සමත් විය.

මත්පැන් වැටලීමකදී හමු වූ සැකකටයුතු ගල් ගොඩ

කෙසේ වෙතත්, සන්නද්ධ කල්ලිය විසින් අනෙක් වාහනයෙන් පැහැරගෙන යනු ලැබූ ‘හාවෝ සොන්ග්’ නමැති තුන්වැනි චීන ජාතිකයා සෙවීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබිණි. මේ අතර, කරඳන ගේට්ටුකඩේ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා ගොස් සිටි ඇහැලියගොඩ පොලිසියේ නිලධාරී කණ්ඩායමකට කැලෑබද ප්‍රදේශයක තිබූ සැකකටයුතු ගල් ගොඩක් නිරීක්ෂණය වී තිබේ. එහි ඇතුළත මිනිස් අතක කොටසක් තිබෙනු දැකීම නිසා පොලිසිය වහාම එම ස්ථානය පරීක්ෂාවට ලක් කර ඇත.

RelatedPosts

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

මළ සිරුර හමුවූ ස්ථානය ආසන්නයේ තිබී සැකකටයුතු මෝටර් රථයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, සැකකාර චීන ජාතිකයන් පිරිස මෘත දේහය රැගෙන ඒම සඳහා මෙම වාහනය භාවිතා කරන්නට ඇතැයි සැක කෙරේ.

සැකකරුවන් කටුනායකදී කොටු වෙයි

මෙම ඝාතනය සහ පැහැරගැනීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කළේය. ඒ අනුව සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන චීන ජාතිකයන් දෙදෙනෙකු මෙරටින් පළායාම සඳහා යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.වුට්ලර් සඳහන් කළේය.

ඔවුන් දෙදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම් සහ විමර්ශන සඳහා වෙරළබඩ පොලීසිය වෙත රැගෙනවිත් ඇති අතර, සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි. චීන ජාතිකයන් අතර මෙම දරුණු ගැටුම ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

චීන තානාපති කාර්යාලයෙන් හදිසි නිවේදනයක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මෙම සිදුවීම පිළිබඳව ඉතා සමීපව සහ දැඩි අවධානයෙන් පසුවන බව නිවේදනය කර ඇත. සිද්ධියට අදාළ කරුණු කාරණා කඩිනමින් තහවුරු කර ගැනීම සඳහා පුළුල් හා විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොලිසියෙන් නිල වශයෙන් ඉල්ලා සිටී.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සිටින චීන පුරවැසියන්ගේ පුද්ගලික ආරක්ෂාව මෙන්ම ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා සුරක්ෂිත කරන ලෙස ද තානාපති කාර්යාලය ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටී. මෙරට වෙසෙන සියලුම චීන පුරවැසියන් තම ආරක්ෂාව පිළිබඳව වඩාත් අවධානයෙන් හා දැනුවත්ව සිටිය යුතු බවත්, හදිසි අවස්ථාවකදී වහාම පොලිසිය දැනුවත් කර සහාය සඳහා තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙසත් චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් මතක් කර දෙයි

මෙම දරුණු කල්ලි ගැටුමට සහ පැහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කොළඹ වරාය පොලිසිය සහ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

Related Posts

පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-
පුවත්

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.