පොලිස් පරීක්ෂකවරු 230ක් අවුරුදු 7කට පසු සහකාර පොලිස් අධිකාරීවරු වෙති….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් පරීක්ෂකවරු 230ක් සහකාර පොලිස් අධිකාරී තනතුරු සඳහා උසස් කිරීමට නියමිත බව  වාර්තා වේ.

මෙම උසස්වීම් ලබා දෙන්නේ වර්ෂ 2014න් පසුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු කිසිවකුට සහකාර පොලිස් අධිකාරී තනතුරු ලැබී නැති වටපිටාවක බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය පවසන්නේය.

මේ පිළිබඳව කළ විමසීමක දී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පැවසුවේ අවුරුදු හතකට පසුව කරන උසස්වීම්වලට අදාලව පොලිස් දෙපාර්තමේන්තුවෙන් කරන ලද විමසීමක දී සහකාර පොලිස් අධිකාරී තනතුරු සඳහා පුරප්පාඩු අත්තේ 87ක් පමණක් බව ප්‍රකාශ වුවද සොයා බැලීමේ දී තනතුරු 230ක පුරප්පාඩු පැවතුන බවය.

ඇමතිවරයා මේ පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කර අනතුරුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමගත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව දැනට සක්‍රීය සේවයේ සිටින නිලධාරීන්ගේ උසස්වීම් පටිපාටියට අනුව එම පුරප්පාඩු පිරවීමට කටයුතු සම්පාදනය කළ බව අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ යෝජනාව වූයේ මෙම පුරප්පාඩු 230න් සියයට 70ක් සුදුසුකම් ලද පොලිස් පරීක්ෂකවරුන්ගෙන් පුරවා ඉතිරි 30% නව බඳවා ගැනීම් සහ තරඟ විභාගවලින් බඳවා ගන්නා ලෙස වුවත් පොලිසිය තුළ පවතින ප්‍රායෝගික රාජකාරි පීඩනය පිළිබඳ කළ පැහැදිලි කිරීමකින් අනතුරුව එම කොමිෂන් සභාව සක්‍රීය සේවයේ සිටින නිලධාරීන්ගෙන් අදාල පුරප්පාඩු පිරවීමට අනුමැතිය ලබා දුන් බව ද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසුවේය.

තවත් සහකාර පොලිස් අධිකාරීවරුන් 46 දෙනෙක් තරග විභාගවලින් බඳවා ගැනීමට කටයුතු කරන බව ද එම ආරංචි මාර්ග කීවේය.

Exit mobile version