බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තිරිංග අක්‍රිය වූ පාසල් බස් රථයක් පස් කන්දක හප්පා බගවන්තලාවේ දී  සිසුන් 34 දෙනෙකුගේ ජීවිත බේරාගත් හැටි… – 

by editor
අප්‍රේල් 28, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් –  රංජිත් රාජපක්ෂ

බගවන්තලාව, රාණිකාඩු ප්‍රදේශයේ සිට බගවන්තලාව නගරයේ පාසල් කරා ශිෂ්‍යයන් රැගෙන යමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (28) උදෑසන දරුණු අනතුරකට මුහුණ පෑමෙන් එහි ගමන් ගත් පාසල් සිසුන් 34 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

bogawathalawa-Accident

අද උදෑසන 7:30 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ රාණිකාඩුව – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයේදීය. බස් රථය අධික බෑවුම් සහිත මාර්ගයක ධාවනය වෙමින් තිබියදී එහි තිරිංග පද්ධතිය (Brakes) හදිසියේම අක්‍රිය වී තිබේ.

එම අවස්ථාවේදී බස් රථය පාලනය කරගත නොහැකිව ප්‍රපාතයකට පෙරළීමට තිබූ අවදානම වටහාගත් රියදුරු, ඉතාමත් සූක්ෂ්ම ලෙස බස් රථය මාර්ගය අසල වූ පස් කන්දක ගැටීමට සලස්වා නතර කිරීමට කටයුතු කර ඇත. රියදුරු ගත් මෙම ක්ෂණික සහ බුද්ධිමත් තීරණය හේතුවෙන් සිසුන් විශාල පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ බව ප්‍රදේශවාසීහු පවසති.

bogawathalawa-Accident

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

අනතුරින් තුවාල ලැබූ සිසුන් 34 දෙනාම වහාම බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කෙරිණි. බගවන්තලාව ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ ජයසූරිය ප්‍රකාශ කළේ ඉන් දස දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යැවූ බවයි. සෙසු සිසුන් 24 දෙනා බගවන්තලාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගෙන් බහුතරයක් අනතුර හේතුවෙන් ඇති වූ දැඩි කම්පනය (Shock) නිසා ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් තහවුරු කළේය.

bogawathalawa-Accident
රෝහල්ගත කළ දරුවන්…

වතුකරයේ දුෂ්කර මාර්ගවල ධාවනය වන පෞද්ගලික පාසල් ප්‍රවාහන රථ නිසි නඩත්තුවකින් තොරව ධාවනය වීම මෙවැනි අනතුරුවලට ප්‍රධාන හේතුව වී ඇති බවට දෙමාපියෝ චෝදනා කරති. රජයේ “සිසු සැරිය” බස් රථ සේවාව මෙවැනි දුෂ්කර මාර්ගවලට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අනාරක්ෂිත පෞද්ගලික බස් රථ සේවාවන් ලබා ගැනීමට තමන්ට සිදුව ඇති බව ඔවුහු පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පලා යෑමට උත්සාහ කිරීමේ දී රැඳවියෙක් මිය යෑමේ සිද්ධියට ජේලර්වරයෙක් සහ කාන්තා නිලධාරිණියක අත් අඩංගුවට…

Next Post

පේදුරුතුඩුව නගර සභාවේ සභාපති සහ උපසභාපතිට එරෙහි නගරාධිපතිගේ  විමර්ශන මහාධිකරණයෙන් අත්හිටුවයි!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.