සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

BMW හොරකමට හිරේ ගිය ජොනී ලියුමක් ලියයි… හිරේ දමා තමන් නවත්වන්න බැරිලු!

by editor
ඔක්තෝබර් 29, 2024
in පුවත්
Jonstan
Share on FacebookShare on Twitter

රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.

කුරුණෑගල ප්‍රදේශයේ සිය පාක්ෂිකයන් ආමන්ත්‍රණය කරමින් ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සිට නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ආදරණීය හිතවත,

2024 මැතිවරණය වෙනුවෙන් ඔබ වෙත ආමන්ත්‍රණය කරණ ලිපිය මෙවැනි එකක් වේ යැයි ඔබ කිසිසේත් අපේක්ෂා නොකළ බව මම හොඳින් දනිමි.

RelatedPosts

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

එහෙත් 2015 දී මෙන්ම අදත් දේශපාලනිකව පරාජය කළ නොහැකි චරිත චෝදනා අවලාද මතින් අක්‍රීය කර ඉන් නොනැවති රාජ්‍ය බලය යොදා හිරේ විලංගුවේ දමා හෝ මර්දනය කිරීමෙන් තම දේශපාලනික උවමනාවන් ඉටු කර ගැනීමට උත්සහ කරන අවස්ථාවාදීන්ගේ කූඨප්‍රාප්තිය රඟ දැක්වීම ආරම්භ කර ඇත.

එදාට වඩා අද ඇති එකම වෙනස නම් තිරය යට සිට නූල් ඇඳි සූත්තර පුංචා අද ජනාධිපති පුටුවේ සිට එය මෙහෙය වීම පමණි. මම විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් මෙවැනි අභියෝග මට නම් නිය තුඩක තැවරී දුහුවිල්ලක් තරම් නොවේ. මා ජිවිතයේ මුහුණ දුන් අභියෝග හා සැසඳීමේදී මේවා කිසිසේත් තැකිය යුත්තක් නොවන්නේය.

මේ රටේ මිනිසුන් වෙනුවෙන්, කුරැණැගල ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් මා විශ්වාස කරන දර්ශනය වෙනුවෙන් පෙනී සිටීම වරදක් කොට, මාගේ දෙමව්පියන් ගොඩනංවන ලද මා උපන් නිවස පවා දවා අලුකර බිමට සමතලා කර නැවැත්විය නොහැකි මා, හිර ගෙදර පෙන්වා නැවැත්විය හැකියැයි සිතීම විහිළුවකි.

ආදරය විශ්වාසය හා ලෙන්ගතුකමින් පිරී ගිය ලක්ෂ සංඛ්‍යාත පිරිසකට තමාගේම නිවස හා කාර්යාලය වූ මා උපන් රත්කරව්ව නිවසත් විල්ගොඩ කාර්යාලයත් වෛරයේත් කුහකකමේත් ගිලුණු අතලොස්සක් එක්ව ගිනි තබා අලු කළද ඔබ වන් මිනිසුන් ගේ ආදරණීය විශ්වාසය ඇති තාක් මා වැන්නන් බිම දැමිය නොහැකි බව අප විසින්ම ඔප්පු කල යුතුය කාලය පැමිණ ඇත.

කුරැණෑගල මිනිසුන්ගේ ආදරය හා විශ්වාසය මතින් ශක්තිමත් වු මාගේ දේශපාළනයට තිත තැබීමට තබා සෙලවීමටවත් නොහැකි බව පෙන්විය යුතු අවස්ථාව උදාවී ඇත.

වසර තිස් ගණනක වූ මාගේ දේශපාලන ගමන් මග කවදත් ශක්තිමත් කලේ ඔබ වැන්නන්ගේ කැපවීමයී සෑම මැතිවරණයකදීම දිස්ත්‍රික්කයේ මා ලැබූ ඉහලම මනාප සංඛ්‍යාවෙන් කියවෙන්නේ ඔබ වැන්නන්ගේ ශක්තියයි. කහපත්වල ,දඹදෙනිය වැනි ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්තාන වල සිට ක්‍රිඩාපිටි . ගෘහස්ථ ක්‍රිඩාගාර හරහා කාපට් පාරවල් මෙන්ම අධිවේගී මර්ග දක්වා විහිදෙන්නේ ඔබගේ ආදරයේ මහගු ඵලයයි.

නිකවැරටිය ඈත වන්නියේ නිවසක් දැල්වූ කුප්පි ලාම්පුව නිවා දැල්වූ විදුලි බුබුලේ සිට කුරුණෑගල වැව රවුම බඩගමුව , බතලගොඩ රක්ෂිතයේ ඇවිදින මංතීරු දක්වා විහිදුනේ ඒ ලෙන්ගතුකමයි.

ඒ කැපවීම ශක්තිය ආදරය ලෙන්ගතුකම වෙන කිසිදාටත් වඩා ඔබගෙන් මා වෙත ඇවැසි මොහොත පැමින ඇත.විරැද්ධ වාදීන් නගන අශික්ෂිත අවලාද බොරැ චෝදනා සඳහා සත්‍යයේ ශක්තිය මත පිහිටා නිශේධනය කිරිමට මා කටයුතු කරණ බව මගේ ජනතාවට දැනුම් දෙන්න.අප විශ්වාස කරණ දේශපාලනය වෙනුවෙන් ඕනෑමැ පරිත්‍යාගයක් ඉටු කිරීමට සූදානම් බව අපගේ පාක්ෂිකයන්ට දැනුම් දෙන්න.

මහින්ද රාජපක්ෂ නැමැති මේ රට බේරාගත් නායකයා වෙනුවෙන් ඇති ගෞරවය හා ආදරය එලෙසම බව පවසන්න.කිනම් බාදක මැද හෝ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුනත් අපේ පාක්ෂිකයනුත් සුරකින බව පවසන්න.මාගේ අවසන් හුස්ම දක්වාම මා විසින් ඔප්පු කොට සහතික කල ඔබගේ විශ්වාසයත් බලාපොරොත්තුවත් නොබිදින බවත් පවසන්න.

මා තවමත් ඔබ දන්නා ජොනීම බව පවසන්න එය සපත කිරීම සඳහා ඔබගේ සහය හැකි ඉහළම අයුරින් ලබා දෙන්න.

එක්ව ජයගමු.
එක්සත්ව නැගිටිමු.
බොරැව යටපත් කර සත්‍ය තහවුරු කරමු. ජයවේවා!
ජොන්ස්ටන් ප්‍රනාන්දු මැගසීන් බන්ධනාගාරයේ සිට
( සුජිත් හේවාජුලිගේ -ලංකාදීප)

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෑගල්ල බුළුරුප්ප වලව්වේ හිමිකාර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිදි යහනේම අත් පා ගැට ගසා ඝාතනය කරයි!

Next Post

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගල්ලාගම ගැන කෙටි කලකදී විමර්ශනයක් කර අවශ්‍ය පියවර ගන්න රජය සුදානම්…

Related Posts

පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.