අන්තරේ පා ගමනට කඳුළු ගෑස් ගසා විසුරුවා හරී….

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (19) සංවිධානය කළ විරෝධතා පා ගමන මීට ස්වල්ප වෙලාවකට පෙර කොළඹ කොටුවේ ලෝක වෙළෙඳ සංකීර්ණය අසල  දී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ගසා විසුරුවා හැරීමට පොලිස් කැරළි මර්ධන ඒකකය කටයුතු කළේය.

ගෝල්ෆේස් සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී මහජන අරගලයට පහරදුන් සියලු  පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අන්තර් මෙම පාගමන අද  සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූයේය.

මේ අතර පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පා ගමනට    කොළඹ කොටුව පොලිස් වසමේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක්  කළේය.

එම නියෝග ප්‍රකාරව  කොළඹ කොටුව පොලිස් වසමේ NSA වටරවුමේ සිට චෛත්‍ය පාර, NSA වටරවුමේ සිට ජනාධිපති මාවත, සෙරමික් හංදියේ සිට යෝර්ක් වීදිය මංසන්ධිය දක්වා බැංකු මාවත, පහළ චැතැම් වීදිය, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අසළ හන්දියේ සිට ප්‍රධාන මාවත හා ලේඩියන් බැස්ටියන් මාවත දක්වා මුදලිගේ මාවත, රෝහල්වීදිය යන මාර්ගවලට පා ගමනට ඇතුළුවීම තහනම් විය.


අනතුරුව කොළඹ කොටුවේ දී පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.

සිද්ධිය වාර්තා වුන අයුරු…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version