36 වැනි පොලිස්පති ධූරයට දේශබන්ධු පත් කරන්න ජනපතිගේ නිර්දේශ  ලැබෙයි!

මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට ජනාධිපතිවරයා විසින් නිර්දේශ තිබේ.

වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න   විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම තනතුර සඳහා දේශබන්දු තෙන්නකෝන් පත් කරන ලෙස ඊයේ පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා නිර්දේශ ලබා දී ඇත.

වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා එළඹෙන 25 වනදා විශ්‍රාම  යෑමට නියමිතය.

වර්ෂ 1998 දී ආධුනික සහකාර පොලිස් අධිකාරි වරයෙකු ලෙස පොලිස් සේවයට එක්වන දේශබන්දු තෙන්නකෝන්  2006 වර්ෂයේදි පොලිස් අධිකාරි තනතුරටද, 2011 වර්ෂයේදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටද, 2015 වර්ෂයේදි නියෝජ්‍ය පොලිස්පති තනතුරටද උසස්විම් ලබා ඇත.


අනතුරුව 2019.11.29 දින වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වන ඔහු  2020.01.01 දිනට එම තනතුරේ ස්ථිර පත්විම් ලබන අතර, 2019.12.05 දින සිට මේ දක්වා වසර 03කට අධික කාලයක් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කර තිබේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


1971 වර්ෂයේ උපත ලැබූ දේශබන්දු තෙන්නකෝන්  කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.

Exit mobile version