24 මධ්‍යම රාත්‍රී දේව මෙහෙය උතුරේ බැතිමතුන්ට වැසේ…

දිනසේන රතුගමගේ

මෙවර නත්තල වෙණුවෙන් 24 දා මධ්‍යම රාත්‍රියේ දේවස්ථාන තුළ පැවැත්වෙන දේව මෙහෙයන් පූජකවරුන්ට පමණක් සීමා කරණ ලෙසත් ජනතාව අනවශ්‍ය ලෙස  දෙවස්ථාන වලට නොයන ලෙසටත්  යාපනය හා මන්නාරම් ප්‍රදේශවල රදගුරු හිමිපාණන් වහන්සේලා උතුරේ සියළුම දේවස්ථාන වලින් ඉල්ලීමක් කොට තිබේ.

නත්තල උදා වු පසුව බැතිමතුන් හැකි තාක් නත්තල් උත්සවය තම නිවෙස් වලට පමණක් සීමා කරණ ලෙස ඉල්ලා ඇති අතර දේවස්ථාන වල නියමිත පරිදි පූජාවන් පැවැත්වෙන නමුත් එම පූජාවන්ට  බැතිමතුන් විශාල වශයෙන් සහභාගී නොවන ලෙසද ඉල්ලා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බැතිමතුන් තමන්ට පහසු අන්දමට දෙවස්ථාන කරා ගොස් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්නා ලෙසත් මෙවර නත්තලේදී කොරෝනා රෝගය ලෝකයෙන්ම තුරන් වන ලෙස ඉල්ලා යාඥා කරන ලෙසත් රදගුරු හිමිපාණන් වහන්සේලා කළ ඉල්ලීමේ සදහන් වේ


Exit mobile version