23 කොවිඩ් වැනි මරණයත් වාරතා වේ.. අද දවසට මරණ දෙයකි…

නතාෂා නෙත්මිණි –                          

කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් කාන්තාවක්  කොළඹ ජාතික රෝහලේදී  අද (3) මරණයට පත්ව ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ    ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 61 වයසැති කාන්තාවකි.

මෙම මරණයත්  හදිසියේ සිදුවූ මරණයක්  ලෙස සැලකෙන අතර ජාතික රෝහලට ගෙන ඒමෙන් පසු සිදුකල පරික්ෂාවේදී කොරෝනා ආසාදිතයැයි හෙලිව ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සමගම මෙරට සමස්ත කොරොනා මරණ ප්‍රමාණය 23 දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version