21 දා සිට දිවයිනේ සියලුම පාසල්වල උසස්පෙළ සිසුන්ගේ එන්නත්කරණය ඇරඹෙයි!  

කොළඹ අධ්‍යාපන කලාපයන් තුල අවුරුදු 18 – 19  වයස් කාණ්ඩයේ දරුවන් සදහා ඊයේ  (15) ආරම්භ කල එන්නත්කරණ වැඩ සටහන ඉතා සාර්ථක වූ බැවින් ලබන 21 වෙනිදා සිට දිවයින පුරා සියලුම පාසල් වල එය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය සදහන් කරයි.

නිරෝගි සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා දීම ප්‍රමාණවත් යැයි තාක්ෂණික එන්නත්කමිටුව නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සදහන් කරයි.

පිටපළාත්වල සිට කොළඹ පාසල්වෙත පැමිණෙන දරුවන්ට තමන් පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් වෙත ගොස්  තමන්ට අදාල එන්නත ලබා ගත හැකි බව ඇය සදහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එන්නත ලබා නොගත් සිසුන් සදහා සෑමසෙනසුරාදාවකම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලන් වෙත ගොස් එන්නත ලබා ගත හැකි බවත් එන්නත ලබා ගැනීමට යන සියලුම සිසුන් තමන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සදහා ජාතික හැදුනුම්පතරැගෙන යායුතු යැයි ඇය අවදාරණය කරයි.

 

Exit mobile version