2021 වසරේ පමණක් රුපියල් බිලියන 620ක රාජ්‍ය ආදායමක් එකතු කරගෙන නෑ…

ලලිත් චාමින්ද  –

දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින්  2021 වර්ෂයේ දී  එකතුකළ යුතුව තිබු  රුපියල් බිලියන 620ක ආදායමක් එකතු නොකර  හිඟව  පැවති  බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

එම ආදායම 2021 වර්ෂයේ දි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතුකර ගැනීමට සමත්වුයේ නම්  එම වර්ෂයේ ආදායම් ඌනතාවය  රුපියල් බිලියන  670ක් හෙවත්  සියයට 51.94ක් දක්වා අඩුකරගත හැකිව තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

හිඟ ආදායම  2019, හා 2020 යන වර්ෂවලදි  පිළිවෙළින්  රුපියල් බිලියන 698 ක් හා රුපියල් බිලියන 579ක්  වි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. එම වර්ෂවලදි  මෙම  හිඟ ආදායම රැස්කරගැනීමට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව  විසින් කටයුතු කර තිබුණේ නම්  2019 වර්ෂයේ දි  රුපියල් බිලියන 165ක ආදායමේ අතිරික්තයක්   බවට පත්කරගැනිමට  හැකිව තිබුණි. 

එමෙන්ම 2020 වර්ෂයේ දි  ආදායම් ඌනතාවය  රුපියල් බිලියන 606ක් දක්වා සියයට  46.47කින්  අඩුකර ගැනිමට  හැකියාව  තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.


අදාල ආදයම් ශිර්ෂයන්ට  වගකිම් සඳහා සෘජුව බැඳී සිටින්නාවු  ආදායම් ගණන් දිමේ නිලධාරින් මෙන්ම  සියලුම අමාත්‍යංශ දෙපාර්තමේන්තුවල  ප්‍රධාන ගණන්දිමේ නිලධාරින්  මෙම හිඟ ආදායම අඛණ්ඩව එකතු කිරීම පිළිබද  සෘජු ලෙස වගකිමට බැඳී සිටින බව  කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජයේ මුල්‍ය ප්‍රකාශන සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව  නිකුත්කොට ඇති විගණන වාර්තාවක මේ බව සඳහන් කොට තිබුණි.

Exit mobile version