18 වංගු ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමේ අවදානම පහව ගිහින් නෑ… කල්පනාකාරීව රිය ධාවනය කරන්න! – මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා  කළමනාකරණ අධ්‍යක්ෂ…

පවතින අධික වැසි අවස්ථාවලදී මහනුවර මහියංගණ මාර්ගයේ සහ අට වංගු කොටසේ පස් කඳු කඩා වැටීමේ අවදානම පහව ගොස් නැති බව මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා  කළමනාකරණ අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර පවසයි.

මේ සම්බන්ධයෙන් ගමනාගමනයේදී රියදුරන් දැඩි අවධානයෙන් පරීක්ෂාකාරීව ගමන් කළ යුතු යැයිද ඔහු අවධාරණය කරයි.

දහ අටවංගුව ප්‍රදේශයේ 02 වංගුව අසල  ඊයේ (19) පස් කඳු කඩා වැටීමක් හේතුවෙන් සහ 14 වංගුව අසල අද (20) නායයාමක්  අද 20පෙරවරු තෙක් වසා තිබිණි.

එම ප්‍රදේශය පිළිසකර කිරීමෙන් අනතුරුව අද පෙරවරු දහයෙන් පසු එම කොටසේ නැවත වාහන ගමනාගමනය සඳහා මාර්ගය විවෘත කර තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ප්‍රදේශයන් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව කළ ස්ථානීය නිරීක්ෂණයෙන් පසු දැඩි අවදානම් තත්ත්වයක් නොමැති බවට නිගමනය කිරීමෙන් මාර්ගය විවෘත කළ බවත් ස්වභාවික විපත් යනු අවදානම පිළිබඳ නිශ්චිත ලෙස පෙර දැනුම් දීමක් සිදු කළ හැක්කක් නොවන බවත් මේ සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාකාරීව අවධානය යොමු කළ යුතු බවත් දේශප්‍රිය බණ්ඩාර   කියා සිටියේය.

Exit mobile version