16 හැවිරිදි සිසුවිය පැහැර ගත් ටියුෂන් ගුරුවරයා මිනිස්සුන්ගේ ගුටි පූජාවකින් පසු පොලිස් අත් අඩංගුවේ

Kidnapped

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුහුණු පොත සඳහා අවශ්‍ය රූගත කිරිමක් බව පවසා 16 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන යනු ලැබු උපකාරක පන්ති ගුරුවරයකු හා ඒ සඳහා අනුබල දුන් රුපලාවණ්‍ය ශිල්පිනියක් ඇතුළු දෙදෙනෙකු ඊයේ (25) පස්වරුවේදි අත්අඩංගුවට ගත් බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.

දැරිය පැහැරගෙන යෑමේ දී එය එය සැලවුණු ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක් මෙම තැනැත්තා පසුපස හඹගොස් අල්ලාගෙන බරපතල ලෙස පහරදී ඇති අතර එම පුද්ගලයා මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා 24 හැවිරිදිවියේ පසුවන අයෙකි. පාසල් සිසුවිය 16 හැවිරිදිවියේ පසුවන අතර උපකාරක පන්ති ගුරුවරයා මෙම සිසුවියගේ නිවසට ගොස් ටියුෂන් ලබාදි ඇත. පසුව මොවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිවි තිබේ.

උපකාරක පන්ති ගුරුවරයාගේ වයස වැඩි නිසා දැරියගේ දෙමව්පියන් මේ සම්බන්ධයට අකමැතිවි ඇත. පසුව මෙම උපකාරක පන්ති ගුරුවරයා සිසුවිය පැහැරගැනිම සඳහා දැනට සති දෙක තුනක සිට සැලසුම් කොට ඇත.

සැකකරු විසින් යක්කලමුල්ලේ රුපලාවන්‍ය ශිල්පිනියකට දුරකථන ඇමතුමක් ලබාදි මෙම දැරිය හා තවත් දැරියන් දෙදෙනෙකු මුහුණ පොත සදහා රූගත කිරිමකට රැ‍ගෙන එන ලෙස දැනුම් දි ඇත. දරුවන් රැගෙන එම සදහා කාර් රථයක් එවන බවද සැකකරු පවසා ඇත.

කොට්ටව කැළයේ රුගත කිරිම් සිදුකරණ බවට මුලදි පවසා ඇති සැකකරු පසුව පවසා ඇත්තේ සිතලදොළ ආරණ්‍ය අසල සිදුකරණ බවය. ඒ අනුව දැරියන් තිදෙනා මෙකි ස්ථානයට කාර් රථයෙන් රැගෙනවිත් ඇති අතර රුපලාවන්‍ය ශිල්පිනිය කාර් රථය පිටුපසින් යතුරුපැදියෙන් පැමිණ ඇත. එම ස්ථානයට උපකාරක පන්ති ගුරුවරයා ත්‍රිරෝද රථයකින් පැමිණ තිබේ. ඔහුගේ සහායට යතුරුපැදිකරුවෙකුද පැමිණ ඇත.

පසුව උපකාර පන්ති ගුරුවරයා කාර් රථයේ සිටි දැරිය බලහත්කාරයෙන් එළියට ගෙන ත්‍රිරෝද රථයට නන්වාගෙන පලාගොස් ඇත. උපකාරක පන්ති ගුරුවරයා දැරිය පැහැගෙන යන අතරේ අකුලහේන ප්‍රදේශයේ දි යතුරු පැදිකරුවකු මෙය දැක ඇත. දැරිය කෑගසමින් පැමිණ ඇත. යතුරුපැදිකරු යතුරුපැදිය හරවාගෙන පැමිණ ඇති අතර උපකාරක පන්ති ගුරුවරයා ත්‍රි රෝද රථයෙන් පැනගොස් ඇත. යතුරුපැදිකරු ඔහු පසුපස එලවා අල්ලාගෙන ඇති අතර ඔහුට පහරදි ඇත.

මේ වනවිට උපකාරක පංති ගුරුවරයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රථිකාර ලබන අතර මෙකි සිද්ධියට ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියදුරු හා යතුරුපැදිකරු අත්අඩංගුවට නියමිතව ඇති බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.

Exit mobile version