ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07ක් වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කරයි…

dc

පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින්  කළ අනුමැතියට අදාලව  වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙක් ස්ථාන මාරු කිරීමට පොලිස්පති ඩී.සී.වික්‍රමරත්න කටයුතු කර තිබේ.

මෙසේ මාරු කර යවා ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්වන ලලිත් පතිනායක, අජිත් රෝහණ, ප්‍රියන්ත වීරසූරිය, එස්.සී මැදවත්ත, ඩබ්ලියු.කේ ජයලත්, ආර්.එල්. කොඩිතුවක්කු, එල්.කේ.ඩබ්ලියු.කේ.සිල්වා යන නිලධාරීන්ය.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, මධ්‍යම පලාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති   ප්‍රියන්ත වීරසූරිය එම තනතුරේ සිට  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථ වාහන ලෙසත් ස්ථාන මරු කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී මැදවත්ත  ජ්‍යෙෂ්ඨ පොලිස්පති සහායක සේවා සහ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වැඩ බැලීමේ ධූරයේ සිට දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර යවා ඇති අතර මෙතෙක් දකුණු පළාත භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ එම තනතුරේ සිට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර යවා ඇත.


මෙතෙක් නැගෙනහිර පළාත් භාරව  සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඩබ්ලියු.බී.කේ ජයලත්ය. ඔහු වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිපති ලෙස මාරු කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආර්.එල්. කොඩිතුවක්කු වෛද්‍ය සේවා සුභසාක සහ ක්ෂේත්‍ර  බලකා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා ලෙස මාරුකර යවා තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.ඩබ්ලියු.කේ සිල්වා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථ වාහන සිට වෛද්‍ය සේවා, සුබ සාධක හා ක්ෂේත්‍ර බලකා ලෙස පත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ස්ථානමාරුවීම් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලද පමණින්. පොලිස් කොමිසමේ  ආවරණ අනුමැතියට යටත්ව කළ  හැක්කේ කෙසේ දැයි මේ වනවිට ස්ථාන මාරු ලද නිලධාරීන් අතර විතරක්යක් ඇති වී තිබේ.

Exit mobile version