දිල්ලි ගුවන් තොටුපළ ආසියා පැසිෆික් කලාපයේ පිරිසිදුම ගුවන් තොටුපළ වෙයි

Delhi Airport

ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වාර්ෂිකව මඟීන් මිලියන 40ට අධික කාණ්ඩයේ, 2022 වසර සඳහා ගුවන් තොටුපළ සේවා තත්ත්ව සහතික (ACQ) යටතේ හොඳම ගුවන්තොටුපළ සඳහා වන සම්මානය හිමි කරගෙන ඇත. එලෙසම ආසියා පැසිෆික් කලාපයේ පිරිසිදුම ගුවන්තොටුපළ ලෙසත් ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ‘ජාත්‍යන්තර ගුවන්තොටුපළ කවුන්සිලය’ (ACI) විසින් නම් කර ඇතැයි ‘එන්ඩීටීවී’ වෙබ් අඩවිය වාර්තා කරයි.

“ACQ වැඩසටහන යනු ලොව ප්‍රමුඛතම ගුවන් තොටුපළ පාරිභෝගික අත්දැකීම් මැනීමේ සහ මිණුම් සලකුණු කිරීමේ වැඩසටහනයි. මෙම පිළිගැනීම පදනම් වී ඇත්තේ ගුවන් තොටුපළේදී රැස් කරන ලද සමීක්ෂණ හරහා සජීවී පර්යේෂණ මතයි.. සංචාරකයින්ගෙන් සෘජුවම ප්‍රශ්න කරමින් ඔවුන්ගේ තෘප්තිය ශ්‍රේණිගත කිරීම හරහා ගුවන්තොටුපළේ තත්ත්ව සමීක්ෂණ සිදු කරන ලදී..”

ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපළේ මෙහෙයුම් සිදු කරන DIAL නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර, වෙනම නිවේදනයක් නිකුත් කරමින්, ඉන්දියානු ගුවන්තොටුපල අධිකාරිය (AAI) පැවසුවේ (ACI) විසින් මිලියන 2 ට අඩු මගීන් කාණ්ඩයේ ආසියා පැසිෆික් කලාපයේ හොඳම ගුවන්තොටුපළ ලෙස තිරුචිරප්පලි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ශ්‍රේණිගත කර ඇති බවයි.

Exit mobile version