පුද්ගලික පන්තියක් අසල දරුවන්ට මත් පෙති විකිණූ ජාවාරමෙක් අත්අඩංගුවට….

දිනසේන රතුගමගේ –

යාපනයේ කෝපායී කොණ්ඩාවිල් ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියක් අසල මත්පෙති අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු මත්පෙති 250 ක් සමග කෝපායී පොලීසිය විසින් ඊයේ (05) අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පෞද්ගලික උපකාරක පන්තියේ සිසුන් ඉලක්ක කරගෙන මෙම ජාවාරම බොහෝ කාලයක් කරගෙන ගොස් ඇති අතර පොලිසීයට ලද තොරතුරකට අනුව ඔහුව සෝදීසි කොට අත් අඩංගුවට ගෙන තිබේ.

අදාල සැකකරුව පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කළ අවස්ථාවේදී ඔහුගේ කුඩා ගමන් මල්ලක මෙම මත්පෙති සඟවා ගෙන තිබූ බව පොලිසීය ප්‍රකාශ කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුව  යාපනය මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කෝපායී පොලීසිය පියවර ගෙන තිබේ.


Exit mobile version