5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (18) පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිතය.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,894 කදී සිසු සිසුවියෝ 334,698 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටිති.
මෙවර විභාගයේදී පළමු වරට සිසුන්ට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදෙන අතර ඒ සඳහා පැමිණීමේ ලේඛනයක් ක්‍රියාත්මක වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පැවසුවේය.
පෙරවරු 8.45ට පෙර විභාග ශාලාවට දරුවන්ට පැමිණීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා වැඩිදුරටත් පැවසීය.