මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පුද්ගලයින් තිස්එක් දෙනකු සදහා වෙනම අධිශීතාගාර ඇති බැවින් කොවිඩ් ආසාදිතයන්ගේ සිරුරු ශීත කර තබා ගැනීම පිළිබඳව ගැටලුවක් ඇති නොවන බව මහනුවර ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු පැවසුවාය.
අකුරණ පදිංචිව සිට මිය ගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පවුලේ ඥාතින් ප්‍රකාශ ලබා දිමට නොපැමිණිම හේතුවෙන් දේහය දින 11ක් තිස්සේ තවමත් රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබේ.
මෙය වෛරස් ව්‍යාප්තියට යම් බලපෑමක් ඇතිකරවන තත්ත්වයක් නේදැයි කළ ප්‍රශ්න කිරීීමකදීී වැඩබලන අධ්‍යක්ෂවරිය එසේ කීවාය.
මේ වන විට කොවිඩ් වෛරසය ආසාදිතව ඇති අකුරණ පනස්තුන් හැවිරිදි පුද්ගලයාගේ දේහය මහනුවර අධිශීතකරණයේ දින එකොළහක් තිස්සේ තබා තිබේ.