හොර සහතික ගැන පෙත්සම් ඒ.එස්.පී පත්වීම් 276ක් පමා කරයි

police

සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස උසස්වීම් ලැබීමට සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු කිහිප දෙනෙක් ව්‍යාජ සහතික ඉදිරිපත් කර ඇති බවට රාජ්‍ය සේවා කොමිසමට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

උපාධි සහතික විවිධ පාඨමාලා කළ බවට සහතික ආදී සහතික පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ව්‍යාජ ලෙස සකස් කර ඉදිරිපත් කර තිබෙන බවයි එම පෙත්සමේ දැක්වෙන බව ආරංචිමාර්ග ආරංචිමාර්ග අනාවරණය කළේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හාරසිය පනස් දෙනකු ගේ සහතික නැවත පරික්ෂා කිරීම හේතුවෙන් සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස පොලිස් නිලධාරීන් 276 දෙනකොට උසස්වීම් ලැබීම ප්‍රමාද වී තිබෙන බව පොලිස් මුලස්ථාන තොරතුරු අනාවරණය කළේය.


Exit mobile version