හොරෙන් ගෙන්වූ එතනොල් ලීටර ලක්ෂ 15ක් රාජ සන්තකයි…

අරක්කු දේශපාලකයන් හා ව්‍යාපාරික පිරිසක් හොර එතනෝල් රේගුවෙන් පැන්නිමේ මෙහෙයුමක

නීති විරෝධී ලෙස  මෙරටට ගෙන් වූ එතනෝල් ලීටර ලක්ෂ පහළොවකට අධික ප්‍රමාණයක් කොළඹ වරායෙන් මුදා ගැනීම සඳහා මෙරට මත්පැන් නිශ්පාදනය කරන ප්‍රධානපෙළේ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක් හා දේශපාලකයින් පිරිසක් පසුගිය කාලය තුළ දැඩි උත්සාහයක නිරත වූ බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරටට එතනෝල් ගෙන්වීම තහනම් කර තිබියදී  විවිධ නම් යොදා ගනිමින් මෙම එතනෝල් තොගය ගෙන්වා තිබෙන බව අනාවරණය වී ඇති බවත්,  පනවා ඇති තහනම නිසා  ගෙන්වූ අය ඒවා මුදා ගැනීමට ඍජුවම මැදිහත් නොවී විවිධ ක්‍රම ඔස්සේ මැදිහත් වන බවත් ඉහත ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මින් ඉදිරියට මෙරට එතනෝල් ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමටත් නීති විරෝධීව ගෙන්වා ඇති සම්පූර්ණ එතනෝල් තොගය රාජ සන්තක කිරීමටත් රජය තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මාධ්‍යයට පැවසීය.


රජය සතුව පවතින පැලවත්ත සහ සෙවනගල සීනි කර්මාන්ත ආයතන මගින් දැනට නිශ්පාදනය කරන එතනෝල් ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බවත් එය ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් වනු ඇති බවත් හෙතෙම අනාවරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නීති විරෝධී ආකාරයට මෙරටට ගෙන්වන ලද එතනෝල්  විශාල ප්‍රමාණයක් කොළඹ වරායේ තිබෙන බවත්, ඒවා වරායෙන් පිටකර ගැනීම සඳහා ඇතැම් පාර්ශවයන් උත්සාහ කළ ද ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රි ලංකා රේගුව දැනුවත් කර ඇති බවත්  රමේෂ් පතිරණ වැඩි දුරටත් කීය.

Exit mobile version