හිතුවක්කාරී සංවර්ධන කටයුත්තක් නිසා ජේතවන සලපතල මළුවේ පෞරාණික ගල් පුවරු අනතුරේ!

පූජ්‍ය උඩස්ගිරියේ සමිත හිමි – 

කිසිම විද්‍යාත්මක පදනමකින් හා මගපෙන්වීමකින් තොරව පෞරානික සෙල් ලිපි සහිත ගල් පුවරු ඇති අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාමයේ සලපතල මලුවේ පුවරු අතර ඇති හිදැස් වසා දැමීමට කටයුතු කිරීම හේතුවෙන් පෞරාණික අක්ෂර සහිත සෙල් ලිපි ගණනාවකට හානි පැමිණ ඇති බව නිරීක්ෂණය වී ඇත.

අනුරාධපුර ජේතවන විහාරය මහසෙන් රජු විසින් කරවන ලද අතර එහි කටයුතු අවසන් කරනු ලැබුවේ ඔහු පුත් මේඝවර්ණාභය රජු (302-330) විසිනි.

එහි නොයෙක් තැන්වල ඇති සෙල්ලිපිවලට අමතරව සලපතුල මළුවේ ද සෙල්ලිපි විශාල ගණනක් ඇත. ඒවායින් වැඩිගණනක් ඒ සඳහා ආධාර කළ බැතිමතුන්ගේ නම් හා කළ ප්‍රදානය සඳහන් කර තිබේ.

වර්තමානයේදී එම සලපතුල මළුවේ ගල් අතර ඇති හිඩැස් බදාමයක් දමා වැසීමට එහි පාලනාධිකරණය කටයුතු කර තිබේ. මෙය කළ හැකි දෙයක් වුව ද එහිදී නිසි ක්‍රමවේදය අනුව කටයුතු කර නැති බව පැහැදිලි ය.


ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන එවැනි කටයුතු සඳහා පලපුරුද්දක් ඇති ශිල්පීන් ලවා එය කරගත යුතු ය. විශේෂයෙන් එම හිඩැස්වල පස් ඉවත්කරන විට කාසි ආදී පුරාවස්තු මතුවීමට හැකි ය. එසේ ම සෙල්ලිපිවල අක්‍ෂර වැසී නොයන සේ බදාම යෙදිය යුතු ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම බදාමය ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනුමත බදාමයක් විය යුතු ය. මෙවැනි හේතු නිසා මේ කාර්යය වහාම නතරකර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය මත පමණක් කළ යුතුව ඇත.

 

Exit mobile version