හිතවත්කමට  වෙළෙඳාමට ඉඩ දීලා… සූරිය වැව සිල්ලර වෙළෙන්දෝ ඇවිලෙති….

sooriyawewa-pola

සූරියවැව නුවන් ජයසේකර –

සූරියවැව  මහජන පොළ භූමියේ ඊයේ (08) තොග පොල පැවති අවස්ථාවේ පොළ භාරකරු විසින් සිය හිතවතුන් පිරිසකට පමණක් පොලෙහි සිල්ලර වෙළදාමට ඉඩ ලබා දි ඇති බව පවසමින් ඊට විරෝධය පා ප්‍රදේශයේ තවත් සිල්ලර වෙළදුන් පිරිසක් සූරියවැව පොළ භූමිය අසලට පැමිණීමත් සමග දෙපාර්ශවය අතර   (08) උණුසුම්  තත්වයක් ඇතිවීය.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මේ වන විට සූරියවැව මහජන පොළ විවෘතව පවතින්නේ තොග වෙළදාම සදහා පමණක් වුවද ඇතැම් සිල්ලර වෙළදාම් සිදුකරන වෙළදුන්ද පවතින නීති රීති නොතකමින් පොළ බාරකරුගේ හිතවත් කම් මත වෙළදුන් පිරිසකට පමණක් පොළෙහි සිල්ලර වෙළදාම් සිදුකරන යාමට අවසර ලබා දී තිබෙන බවට  චෝදනා කරයි.

තොග පොළ පැවති ඊයේ දිනයේදී සිල්ලර වෙළදාමේ නිරත වෙළදුන් කිහිප දෙනෙකු පමණක් පොළ භූමිය තුළ සිල්ලර වෙළඳාමේ නිරතවීම හේතුවෙන් ප්‍රදේශයේ අනෙකුත්  සිල්ලර වෙළදාමේ නිරත වෙළදුන්ද පොළට පැමිණියද ඔවුන්ට පොළ භූමියට ඇතුළු වීමට අවසර ලබා නොදීම හේතුවෙන් දෙපිරිස අතර මෙම උණුසුම් තත්වය ඇති විය. 


මේ සම්බන්ධයෙන් අප සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති ජනක එරන්දගෙන්ද විමසිමක් කළ අරත එහිදි ඔහු මෙලෙස පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“පවතින කොරෝනා තත්වය හේතුවෙන් සූරියවැව මහජන පොල සිල්ලර වෙළදාම සඳහා මෙතෙක් විවෘත කර නෑ.තොග වෙළදුන් සදහා පමණක් නියමිත සෞඛ්‍ය නීති රිති වලට අනුව පොළ විවෘත කර තියෙනවා. සිල්ලර වෙළදාම සදහා අවසර ලබා නොදී තිබියදීත් වෙළදුන් පිරිසක් බළහත්කාරයෙන් පොළට ඇතුළු වී සිල්ලර වෙළදාමේ නිරත වෙනවා. එහෙම නැතිව අපි කිසිම වෙළෙන්දෙකුට සිල්ලර වෙළදාම සදහා අවසර ලබා දි නැහැ. මේ සම්බන්ධයෙන් අප සූරියවැව පොලිසියට පැමිණිල්ලකුත් ඉදිරිපත් කර තියෙනවා යැයි පැවසිය.

Exit mobile version