හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න සෝමාවතියේ හොරෙන් මාලු බාන්නට ගොස් කොටු වේ…

මනම්පිටිය – නිමල් ජයරත්න –

පොලොන්නරුව සෝමාවතිය ජාතික වනෝද්‍යානයට ඇතුලු වී මසුන් ඇල්ලීමට සැකපිට සමගි ජන බල වේගයේ හිටපු පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සිඩ්නි ජයරත්න ඇතුලු මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි පහලොස් දෙනෙකු අද  සවස 6 ට පමණ අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවි වැටලීම් ඒකකය පවසයි.

පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කීර්ති චන්ද්‍රරත්න  ගේ උපදෙස් මත පොලොන්නරුව, සෝමාවතිය , මනම්පිටිය යන වනජීවී කාර්යාලවල නිලධාරින් මෙම වැටලීම සිදුකර ඇත.

ඒ සඳහා අරලගංවිල විශේෂ කාර්ය බලකායේ සහයද හිමි වු බව වැටලීමට එක්වු වනජීවි නිලධාරිහු පැවසුහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත් අඩංගුවට ගත්  සැකකරුවන් ඇප මත නිදහස් කර ඉදිරි දිනකදි අධිකරණ ක්‍රියා මාර්ග සඳහා යොමු කිරීමට නියමිත බව පොලොන්නරුව වනජිවි අඩවි සහකාර එස්.ඒ.වික්‍රමරත්න  කීය.

 

Exit mobile version