හිටපු නි.අමාත්‍ය අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි

ඉදිරි මහමැතිවරණයේ සමගි ජනබලවේග අපේක්ෂක, හිටපු නියෝජ්‍ය ඇමති අශෝක වඩිගමංගාව මහතා රිය අනතුරකින් මියගොස් තිබේ.

ඔහු මෙවර මහමැතිවරණය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කළේ පුත්තලම දිස්ත්‍රික්කයයි.

මිය යන විට ඔහු 68 වන වියේ පසු විය.


අද (05) සවස 3.45ට පමණ කුරුණෑගල – පුත්තලම මාර්ගයේ පාදෙනිය, මාරගස්ගොල්ල ප්‍රදේශයේ දී කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් සමග අශෝක මහතාගේ රථය මුහුණට මුහුණලා ගැටී රිය අනතුර සිදු වී ඇත.

අනතුර සිදු වු අවස්ථාවේ ඒ මහතා පමණක් මෝටර් රථයේ සිට ඇති බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බරපතල තුවාල ලබා සිටි ඒ මහතා වාරියපොල රෝහලට ඇතුලත් කළ පසු මිය ගොස් ඇති අතර ලොරි රථයේ රියදුරුද තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුළත් කර ඇත.

Exit mobile version